සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු වේ ..

Podu සියලුම නිලතල වල පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවෙක නැවත දැනුම් දෙනතුරු අවලංගු කර ඇති බව පොලිස්පති නිල කාර්යාලය නිවේදනය කරයි.පොලිස්පතිවරයාගේ නියෝග පරිදි සියලූම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු හා දින විවේක එලෙස අවලංගු කර ඇති බව සඳහන්ති වේ. කොරෝනා රෝග ව්‍යප්තිය වැළැක්වීම සඳහා රජය ගෙනයනු ලබන වැඩපිළිවෙළ සඳහා පොලීසියේ සෘජු දායකත්වය ලබාදීම සඳහා අවශ්‍ය මානව සම්පත් සූදානම් කිරීම පිණිස එම තීරණය ගෙන ඇති බව පොලිස්පති නිල කාර්යාලය සඳහන් කරයි. ඉතා අත්‍යාවශ්‍ය අවස්ථාවක දී ස්ථානාධිපතිවරුන්ගේ සහ රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ නිවාඩු පොලිස්පති විසින් අනුමත කරනු ලබන අතර, සෙසු නිලධාරීන් හට නිවාඩු අනුමත කිරීම අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් තම අභිමතය පරිදි සිදුකළ හැකි බව එම නිවේදනයේ සඳහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට