සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රථිකාර වලට යොමු නොවන පිරිස්වලට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා – සෞඛ්‍ය ඇමතිනි ..

Podu ප්‍රථිකාර සේවා සඳහා යොමු නොවී මඟ හැර සිටීම නිරෝධායන පනත යටතේ වරදක් බැවින්, එසේ සිදු කරන අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදුවන බව ද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් විශාල පිරිසක් වාර්තා වීමත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගම්පහ දිස්ත්‍රික්කය තුළ රෝගීන් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ සිදු කරනු ලබන අතර එහිදී රෝගීන් බවට තහවුරු වූ පිරිස් ප්‍රථිකාර මධ්‍යස්ථාන වෙත රැගෙනයාම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඔවුන්ගේ නිවෙස් වෙත ගිලන් රථ සේවා ලබාදීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.  නමුත් ඇතැම් පිරිස් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යාම ප්‍රතික්ෂේප කරන බවට වාර්තා වී ඇත. ශ්‍රී ලාංකික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සළකා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිවෙස් වෙත යොමු කරනු ලබන ගිලන් රථ මගින් ප්‍රථිකාර මධ්‍යස්ථාන කරා යාමට පියවර ගන්නා ලෙසට තමන් රෝගී ජනතාවගෙන් කරුණිකව ඉල්ලා සිටින බවද අමාත්‍යවරිය පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට