සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ නගරයේ තදබදය අවම කිරීමට රථ ගාල් 08 ක් ..

Podu කොළඹ නගරයේ වාහන තදබදය අවම කිරීම සදහා රථ ගාල් 8 ක් ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇති බව වාර්තා වේ. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදිය. එහි පළමු අදියර කොළඹ කොටුව ටෙලිකොම් ආයතනය පසුපස පිහිටි රථගාලේදී ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.එම ස්ථානයේ ඉදිකෙරෙන්නේ මහල් 10කින් යුත් රථගාලක් වන අතර එහි වාහන 252ක් නවතා තැබීමේ පහසුකම් සැලසීමට නියමිතව ඇත. ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 1113ක් වේ.  අදාළ මුදල නාගරික සංවර්ධන අධිකාරිය විසින් වැය කිරීම විශේෂත්වයක් වන අතර රාජ්‍ය ආයතනයක් මගින් ඉදිකරනු ලබන ප‍්‍රථම බහුවිධ රථගාලද මෙය වේ.එහි බිම් මහලෙහි විශාල ප‍්‍රමාණයේ සාප්පූ සංකීර්ණයක් ඉදිකිරීමටයි සැලසුම් කර ඇති අතර දෙවන මහලේ කොළඹ කොටුව පොලීසිය ස්ථාපිත කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට