සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොරෝනා මැද උසස් පෙළ විභාගය අද ..

Podu කොරෝනා වසංගත අභියෝගය මැද අධ්‍යයන පොදු සහතිකපත‍්‍ර උසස්පෙළ විභාගය අද සිට ආරම්භ වේ.ඊයේ පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා කි‍්‍රයාත්මක කළ සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද අනුව උසස්පෙළ විභාගය ද පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. මෙවර උසස්පෙළ විභාගය සඳහා සිසුන් තුන්ලක්ෂ 62,824 ක් පෙනී සිටින අතර විභාග මධ්‍යස්ථාන 2,648 ක දී විභාගය පැවැත්වේ. උසස්පෙළ විභාගය සෞඛ්‍ය ක‍්‍රමවේදයන්ට අනුව පැවැත්වීම සඳහා මේ වනවිට සියළු කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.නිරෝධායන ඇදිරි නීතිය කි‍්‍රයාත්මක ප‍්‍රදේශවල සිට වෙනත් ප‍්‍රදේශවල විභාග මධ්‍යස්ථානවලදී උසස්පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින විභාග අපේක්ෂකයින්ට එම බල ප‍්‍රදේශවල විශේෂ විභාග මධ්‍යස්ථානවල සිට විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දී ඇත. ඒ සඳහා ස්ථාපිත කර ඇති විශේෂ විභාග මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා මෙලෙස අදහස් පළ කරන ලදී. විභාගයට පෙනී සිටීමේදී අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත‍්‍රය හෝ වලංගු රියදුරු බලපත‍්‍රය ඉදිරිපත් කළ යුතුයි. නිරෝධායන ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක පොලිස් බල ප‍්‍රදේශවල උසස්පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ට සිය විභාග ප‍්‍රවේශපත‍්‍රය ඇඳිරි නීති බලපත‍්‍රයක් ලෙස භාවිත කළ හැකි බව පොලිසිය ද දැනුම් දී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට