සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1300 දක්වා ඉහළට ..

Podu මිනුවන්ගොඩ කොවිඩ් නයින්ටීන් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 1,300 සීමාව ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඊයේ (11) දිනයේ වාර්තා වු නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 121 දෙනා ද සමග මිනුවන්ගොඩ කොවිඩ් නයින්ටීන් පොකුරෙන් වාර්තා වන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 1,307දක්වා ඉහළ ගොස් ඇති බව  යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද සඳහන් කරයි. මෙම ආසාදිතයින් අතරින් 87දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් හඳුනාගෙන ඇති අතර අනෙක් ආසාදිතයින් 34දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලා සේවකයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා පවසයි.මේ අතර පවතින තත්ත්වය හමුවේ ප්‍රදේශ කිහිපයක් හුදකලා ප්‍රදේශ බවට පත්කර තිබේ.ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ කිහිපයක් සහ මන්නාරම ගම්මාන දෙකක් මෙලෙස හුදකලා ප්‍රදේශ බවට පත් කර ඇති බව සඳහන් වේ.මේ අතර විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 4,752කු දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයින් 1,432 කු මේ වන විට පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කෙසේවෙතත් සමස්ථ ආසාදිතයින්ගෙන් 3,307 කු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට