සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාස්කු කොමිසමට ..

Podu හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත.හිටපු ජනාධිපතිවරයා මෙම කොමිසම හමුවේ පෙනී සිටින දෙවන අවස්ථාව මෙය වේ. මීට පෙර පසුගිය 05 වැනිදා හිටපු ජනාධිපතිවරයා පාස්කු කොමිසම හමුවේ පෙනී සිටින ලදි. මේ අතර පසුගිය සෙනසුරාදා ජනාධිපති කොමිසම හමුවේ 11 වන දිනටත් සාක්ෂි ලබාදෙමින් හිටපු පොලිස්පතිවරයා සඳහන් කළේ, පාස්කු ඉරුදින එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විදෙස් බුද්ධි අංශයකින් ලද පෙර දැනුවත් කිරීමේ තොරතුරු ප්‍රහාරයට පෙර එවකට රාජ්‍ය නායකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා නොදැන සිටියේ යැයි තමන් කිසිලෙසකින්වත් විශ්වාස නොකරන බවයි. එහිදී හිටපු පොලිස්පතිවරයා සඳහන් කළේ, සෑම තොරතුරක් පිළිබඳවම රටේ ප්‍රධානියා දැනුවත් කරන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා මෙම තොරතුර පමණක් දැනුවත් නොකළ බව තමන් පිළිනොගන්නා බවට පවසා සිටින ලදී. කෙසේවෙතත් ප්‍රහාරයක් සම්බන්ධයෙන් අප්‍රේල් මස  04 වැනි දා ලද බුද්ධි තොරතුර පිළිබඳ හිටපු පොලිස්පති පුජිත ජයසුන්දර මහතා දුරකථනයෙන් තමා දැනුවත් කළ බවට ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දී තිබුණ ද එය මුළුමනින්ම අසත්‍ය ප්‍රකාශයක් බව පොලිස් විශේෂ කාර්යය බලකායේ හිටපු අණදෙන නිලධාරී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා පැවසීය. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර ලතීෆ් මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් තුන්වන අවස්ථාව මෙය වේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට