මාකඳුරේ මධුෂ් ජිවිතක්‍ෂයට ..
මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝ 22ක් සොයා කළ සෝදිසි මෙහෙයුමක් අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් වෙඩිවැදි මරණයට පත්ව ඇති බව වාර්තිතා වේ. ඔහු එම ස්ථානයට රැගෙන ගොස් ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් වේ. අද (20) අළුයම එම වැටලීම සිදුකර ඇත. එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඇති අතර ඉන් අනතුරුව ඇති වූ වෙඩි හුවමාරුවෙන් මාකඳුරේ මධූෂ්ට සහ CCD නිලධාරින් දෙදෙනෙකුට තුවාල සිදුවී ඇත. ඉන් මාකඳුරේ මධූෂ් මරණයට පත්වී ඇත. අනතුරුව එම ස්ථානයේ සිදුකළ සෝදිසියෙන් කෝටි 22ක් වටිනා මත්ද්‍රව්‍ය කිලෝ 22ක්, පිස්තෝල දෙකක් සහ යතුරුපැදියක් සොයාගෙන ඇත. වසර 1 1/2කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි මාකඳුරේ මධුෂ් පසුගිය සිකුරාදා වැඩිදුර පරික්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී ඇත. ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මාකඳුරේ මධුෂ් ලබාදුන් තොරතුරකට අනුව කොටිකාවත්ත ප්‍රදේශයේ සඟවා තිබූ හෙරොයින් කිලෝ 10 ක් සොයා ගෙන ඇත.