සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ..

Podu 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ පාර්ලිමේන්තු විවාදය අද (21) ආරම්භවීමට නියමිතව ඇත. අද සහ හෙට (22) පෙරවරු 10.00 සිට රාත්‍රී 7.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිත අතර හෙට රාත්‍රීයේ ඒ සඳහා වන ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව ඇත.හෙට රාත්‍රීයේ විවාදය අවසන් වීමෙන් පසු කාරක සභා අවස්ථාව ආරම්භවන අතර විවාදය පැවැත්වෙන දින දෙක තුළ දී පාර්ලිමේන්තු ආරම්භයේ දී පැවැත්වෙන වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන ප්‍රශ්න සභා ඝර්භය තුළ දී ඉදිරිපත් නොකරන අතර දිවා විවේකය සඳහා පාර්ලිමේන්තුව අත්හිටුවීමක් ද සිදුනොවන බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය සඳහන් කරන ලදී. මේ අතර, ජනමත විචාරණයකින් සම්මත කරගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ 05 සහ 22 වගන්ති ඉවත් කරගැනීමට රජය තීරණය කර ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කරන ලදී. 20 ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති 02ක් සංශෝධනය කිරීමට ද පියවර ගෙන ඇති බව අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළ අතර  20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුව සිදුකරන සංශෝධන පිළිබඳව සොයා බැලීම සඳහා සමගි ජනබලවේගයෙන් සිව් පුද්ගල කමිටුවක් පත් කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ හෙට දිනයේ අදාළ කමිටුව විසින් ඒ පිළිබඳව සිය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිත බවය.

2

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට