සත්‍යයේ පුවත් අඩහැරය….

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 5000 ට ආසන්න වෙයි..

Podu ඊයේ (26) දිනයට මෙරටින් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 541 ක් බව සඳහන් වේ. මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 4,941 දක්වා ඉහළ ගොස් ඇත. ඉන් පුද්ගලයින් 1,041ක් දෙනෙක් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් වන අතර ඉදිරි පුද්ලගයින් 3,900 දෙනා කර්මාන්ත ශාලාවේ කොවිඩ් පොකුරට සම්බන්ධ පුද්ගලයින් වේ. ඊයේ දිනය තුළ හඳුනාගැනුණු මෙම ආසාදිතයින් අතර නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් 42 දෙනෙකු සහ මිනුවන්ගොඩ, පෑලිගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් 499 දෙනෙකු සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 8,413 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් රෝගීන් 3,933 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසයි. ඒ අනුව රෝගීන් 4,464 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි. ඊයේ දිනයේ හඳුනාගැණුනු රෝගීන් 541 දෙනා මෙරට දිනකදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ තෙවන අවස්ථාව ලෙස සැලකෙයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට