සත්‍යයේ පුවත් අඩහැරය….

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 7000 ට ආසන්න වෙයි ..

Podu ඊයේ (30) දිනය තුළ මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 633 ක් වන අතර ඔවුන් සියලු දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් බව සඳහන් වේ.ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුර අද (31) උදෑසන වන විට 6,946 දක්වා ඉහළ ගොස් ඇත. ඉන් පුද්ගලයින් 1,041 දෙනෙක් එම ඇඟලුම් කම්හලේ සේවකයින් වන අතර ඉතිරි පුද්ගලයින් 5,905 දෙනා එම කම්හලේ කොවිඩ් පොකුරට සම්බන්ධ පුද්ගලයින් වන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 508 දෙනෙක් නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව ඇති බවද සඳහන් වේ. ඒ අනුව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගිය සමස්ථ පිරිස 60,079 ක් වේ. අද දිනය වන විටත් ත්‍රිවිධ හමුදාව පිසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 60 ක් තුළ පුද්ගලයින් 5,760 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට