සත්‍යයේ පුවත් අඩහැරය….

රතන සූත්‍රය සජ්ඣායනා කරන ලෙස අගමැතිගෙන් ඉල්ලීමක් ..

Podu කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හමුවේ රටට හා ජනතාවට සෙත්පතා දිවයිනේ සෑම විහාරස්ථානයකම රතන සූත්‍රය සජ්ඣායනා කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහ සංඝරත්නයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විටත් මෙරට පමණක් නොව මුළු මහත් ලෝකයම දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව අග්‍රාමාත්‍යවරයා පවසයි. එවන් පසුබිමක් තුළ කොරෝනා වෛරසයෙන් සියලු ලෝකවාසී ජනතාව ආරක්ෂා වේවායි සෙත් ප්‍රාර්ථනා කරමින් දිවයිනේ වෙහෙර විහාරස්ථාන රැසක් කේන්ද්‍ර කර ගනිමින් මේ වන විටත් රතන සූත්‍රය සජ්ඣායනා කිරීම සිදුකෙරෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි. එබැවින් මෙම අර්බුද හමුවේ දිවයිනේ සියලු විහාරස්ථානවල සෑම දිනකම රතන සූත්‍රය සජ්ඣායනා කරමින් රටටත් ජනතාවටත් ආශිර්වාදය සහ ආරක්ෂාව ප්‍රාර්ථනා කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ඉල්ලා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට