සත්‍යයේ පුවත් අඩහැරය….

සෝභිත හිමියන් පසඟ පිහිටුවා වැඳුම් ලබාගැනීමට සුදුසු උත්තරීතර හිමිනමක් – හිටපු කතානායක කරූ ජයසූරිය

Podu පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පසඟ පිහිටුවා වැඳුම් ලබාගැනීමට සුදුසු උත්තරීතර ගුණාංග පිරී හිමිනමක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරූ ජයසූරිය මහතා අවධාරණය කර සිටියි. ඒ මහතා මෙම අදහස් පළකරන ලද්දේ සෝභිත හිමි අපවත් වී වසර 5 ක් ගතවීම නිමිත්තෙන් සමරු දේශණයක් පවත්වමිනි. පසුගිය දා පැවති මෙම සමරු දේශනයේදී කරු ජයසූරිව මහතා පහත පරිදි අදහස් පළකරන ලදී. මෙරට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් රැකදීම සහ යුක්තිය, සාධාරණය රජයන සමාජයක් බිහිකිරීම සඳහා මෑත යුගයේදී මෙරට තුළ කැපවීමකින් හා දැඩි අධිෂ්ඨානයකින් යුතුව ක්‍රියාකළ අතිගෞරවණීය මහා තෙරුන් වහන්සේ නමක් සැමරීමට මෙය මහඟු අවස්ථාවක්. සිය ජීවිත කාලය පුරා අවංකවත් ජාතික හැගීමකින් යුක්තවත් කටයුතු කළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි රට යම් අභියෝගයකට මුහුණ දුන් සෑම අවස්ථාවකදීම රට වෙනුවෙනුත් ජනතාව වෙනුවෙනුත් පෙරමුණට පැමිණියා. 2015 දී මෙරට සිදුවූ දේශපාලන පරිවර්තනය එහි ප්‍රතිළුලයක්. ජනතාවගේ බුද්ධිය අවදි කිරීමට තරම් උන්වහන්සේගේ හඬ බලවත් වුනා. කිසිම අවස්ථාවක ධනය, බලය හා කීර්තිය පසුපස හඹා නොගිය සෝභිත හිමියන් ආදර්ශමත්, අල්පේච්ච ජීවිතයක් ගතකළා. “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය” බිහිවූයේත් උන්වහන්සේගේ කැපවීම නිසයි. එම කැපවීම ඉතා ගෞරවයෙන් සිහිපත් කළයුතුයි. එමෙන්ම විවිධ අවස්ථාවලදී උන්වහන්සේගේ ජීවිතයට පවා යම් යම් තර්ජන එල්ල වුනා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට