සත්‍යයේ පුවත් අඩහැරය….

රටත් ජනතාවත් ආරක්‍ෂා කරන බව පවසමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව එම වගකීම මගහරිමින් සිටිනවා – සමග ජන බලවේගය

Podu අවශ්‍ය සියළු බලතල හිමිව ඇති නිසා ජනතාවත් රටත් ආරක්‍ෂා කිරීමේ පූර්ණ වගකීම ඇති වත්මන් ආණ්ඩුව එම වගකීම මගහැර කටයුතු කරමින් සිටින බව පෙනීගොස් ඇතැයි සමග ජන බලවේගය අවධාරණය කර සිටියි. ඊයේ (13) කොළඹ, විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී ඒ මහතා පහත පරිදි සිය අදහස් පළකර සිටියේය.

යුද්ධය අවසන් කළ තමන්ට කොරෝනා වසංගතය මර්දනය කිරීම ගැටළුවක් නැහැයි පසුගිය මාර්තු මස පැවසූ ජනාධිපතිවරයා, කොරෝනා වසංගතය පිළිබඳ වගකීම ජනතාව විසින් භාරගත යුතුව ඇතැයි පසුගියදා පවසා තිබුනා. ජනතාවත් රටත් ආරක්ෂා කරන බව පවසමින් මැතිවරණයට ජයගත් ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශ සිදුකිරීම ඛේදවාචකයක්.

පසුගියදා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහිදී වියත්මග සංවිධානයේ සාමාජිකයින් ඇතුළු වෙනත් වෘත්තීයවේදීන් අදහස් පලකළ ආකාරය අනුව වහල්භාවය මනාව පිළිබිඹු වුනා. සහල් මිල පාලනය කිරීමට ආණ්ඩුව විසින් ගැසට් පත්‍ර 05 ක් නිකුත් කළා. නමුත් එම ගැටළුට මෙතෙක් කිසිදු විසඳුමක් ලැබී නෑ. අදාළ පාලන මිල යටතේ මිලදී ගැනීමට වෙළඳපොල තුළ සහල් නෑ. දැඩි පීඩාවකට පත්ව සිටින එළවළු ගොවීන්ගේ එම අස්වැනු මිලදී ගැනීමට ආණ්ඩුව විසින් මෙතෙක් වැඩපිළිවෙලක් සකස්කර නෑ.

කොරෝනා වසංගතය පාලනය කරගැනීමට ආණ්ඩුවට අපහසුවී ඇති බවක් පෙනීයනවා. ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව ඇතත් එම වගකීමෙන් ගැලවී යාමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටිනවා. පසුගියදා ඉදිරිපත් කළ අයවැය මඟින් ජනාධිපති සහ අගමැති ඇතුළු රාජපක්‍ෂ පවුල සඳහා විශාල මුදලක් වෙන්කරගෙන තිබෙනවා. නමුත් සෞඛ්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය තත්ත්වයන් වෙනුවෙන් ඉතා කුඩා මුදල්ක් වෙන්කරලා. ඇන්ටිජන් පරීක්‍ෂණ කට්ටල මිලදී ගැනීම සඳහා අයවැය තුළ මුදල් වෙන්කර නෑ. ජනතාව කළකිරීමට පත්ව සිටින්නේ.

තමන්ව පී.සී.ආර්. පරීක්‍ෂණයකට ලක්කරන්නැයි ඉල්ලාසිටිමින් විරෝධතා පවා පැවැත්වීමට ජනතාවට සිදුවෙලා. සුවය ලබන රෝගීන් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව පෙන්වීමට කොරෝනා වෛරසය ආසාදනයවූ රෝගීන් පී.සී.ආර්. පරීක්ෂණයට ලක්නොකර නිවෙස් කරා යැවීමට තීරණය කරලා. මෙය ඉතා භයානක තත්ත්වයක්. ආණ්ඩුවේ කටයුතු සිදුවන්නේ දකුණු අත කරන දේ වම් අත නොදන්නා ආකාරයට.

පසුගිය දිනෙක ක්‍රියාත්මකවූ බස්නාහිර පළාතට ඇතුළුවීම වැළැක්වීමේ හදිසි තීරණය හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්වුනා. මෙවැනි සියළු කරුණු හේතුවෙන් ගෝඨා ෆේල් සහ සර් ෆේල් යනුවෙන් මතයක් රට තුළ ගොඩ නැඟෙමින් තිබෙනවා.

ලබන නොවැම්බර් 17 වනදා උදාවන ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් කෙටි චිත්‍රපට නිෂ්පාදනය කරන්නැයි දන්වමින් මෙරට සෑම අමාත්‍යංශයක් වෙතම ලිපියක් යොමුකර තිබෙනවා. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සෞභාග්‍යයේ දැක්ම වුවත් රටේ වත්මන් තත්ත්වය අනුව සකස් කිරීමට සිදුව ඇත්තේ අභාග්‍යයේ දැක්ම පිළිබඳ කෙටි චිත්‍රපටයි. එම චිත්‍රපට සඳහා වෛමාගේ ගැසට්ටුව, බැරි බැරියාව, සුදර්ශන පැණිය, බුවනෙක හෝටලය ආදී නම් යෙදවීමට හැකියාව තිබෙනවා.

බලයට පත්ව ගතවූ වසරක කාලයේදී රටත් ජනතාවත් වෙනුවෙන් සිදුකළේ කුමක්දැයි ආණ්ඩුවෙන් විමසීමට සිදුවෙලා. මේ වසරේ මුල් කාර්තුවේ මෙරට ආර්ථික වර්ධන වේගය සෘණ 1.6 යි. යම් රටක ආර්ථික වර්ධන වේගය කාර්තු 02 ක් අඛණ්ඩව සෘණ වුවහොත් එම රට ආර්ථික අවපාතයක් කරා යන රටක් බවට පිළිගන්නා නිසා මේ වසරේ දෙවන සහ තුන්වන කාර්තු වල ආර්ථික වර්ධන වේගයන් පෙන්වීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නෑ. පසුගියදා ඉදිරිපත් කළේ එකිනෙකට වෙනස් අතුරු සම්මත ගිණුම් 04 ක් සහිත සම්පූර්ණයෙන්ම නීති විරෝධී අයවැයක්. මෙරට වැඩියෙන්ම ණය ලබාන්නා ලද වසර ලෙස මෙම වසර පෙන්වාදිය හැකියි. වත්මන් ආණ්ඩුවට දැන් බැරි බැරියාව නැමැති රෝගය වැළඳිලා.

බලයට ඒමට ආණ්ඩුවට සහාය භික්ෂූන් වහන්සේලාම ආණ්ඩුව බලයට පත්කිරීම පිළිබඳ කණගාටු වන බව පවසමින් ආණ්ඩුවට එරෙහිව අදහස් පළකරමින් සිටිනවා. ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට සිදුවූ දෙයම ඉදිරියේදී ගෝඨාභය රාජපක්ෂ මහතාටත් සිදුවේවි යැයි එම ස්වාමීන් වහන්සේලාත් ජනතාවත් පවසමින් සිටිනවා.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැනි මෙරටට විශාල පාඩු රැසක් සිදුකළ අයෙකු මෙරට වත්මන් ආර්ථිකය පිළිබඳ බිය වියයුතු නැතැයි පැවසුවත් මෙරට ආර්ථිකය පිළිබඳ අපට විශාල බියක් පවතිනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා සහභාගිවූ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා මහතා ද පහත පරිදි අදහස් පළකරන ලදී.

ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය හරහා රටත්, ජාත්‍යන්තරයත් රැවටීමට ආණ්ඩුව දරා තිබෙන උත්සාහය තරයේ හෙළාදකිනවා. ඒ අනුව මෙරට සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ පවතින විශ්වාසය සීඝ්‍රයෙන් කඩාවැටේවී.

පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක මහතා ද මෙහිදී අදහස් පළකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට