ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 20 ක් දැලේ..
අද (16) උදෑසන 06.00 වූ ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. එමෙන්ම පසුගිය ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 221 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි. ඒ අනුව මුඛ ආවරණ නොපැළඳීම, දුරස්ථභාවය තබා නොගැනීම ආදී නිරෝධායන නීති උල්ලංගණය කිරීම හේතුවෙන් අදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඇත.