2021 අයවැය අද පාර්ලිමේන්තුවට..
ලබන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය වාර්තාව මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ලබන වසර සඳහා වන විසර්ජන කෙටුම්පත ඔක්තෝබර් මස 06 වනදා ගැසට් කළ පසු ඔක්තෝබර් මස 20 වනදා අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනල දී. අයවැය වාර්තාව ඉදිරිපත් කිරීම අද දහවල් 01.40 ට පාර්ලිමේන්තුවේදී ආරම්භ වීමට නියමිතව ඇති අතර මෙය මෙරට 75 වන අයවැය ප්‍රකාශය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. අද දින අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළපසු හෙට (18) සිට ලබන 21 වනදා තෙක් දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට ද නියමිතව ඇත.