මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,674 ක් තෙක් ඉහළට..
මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 17,674 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඊයේ (16) දිනය තුළ නව ආසාදිතයින් 382 ක් වාර්තා වී ඇති අතර ඉන් 231 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් 42 ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 20 ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇති අතර ඊයේ දිනය තුළ පොලිස් නිලධාරීන් 08 ක්, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් 05 ක්, බෝගම්බර බන්ධනාගාරයෙන් 51 ක් සහ වැලිකඩ බන්ධනාගාරයෙන් 01 ක් වශයෙන් ද ආසාදිතයින් වාර්තා වී තිබේ.