සත්‍යයේ පුවත් අඩහැරය….

ඊයේ මරණ 03 ත් සමඟ මෙරට මුළු කොරෝනා මරණ ගණන 61 ක් දක්වා ඉහළට..

Podu ඊයේ (17) දිනයේදී වාර්තා වූ මරණ 03 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 61 ක් දක්වා ඉහළ ගියේය. ඊයේ දිනයේදී මොරටුව ප‍්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 84 ක් වයසැති කාන්තාවක් සිය නිවසේදීම මිය ගොස් ඇති අතර දියවැඩියා රෝගය සමග කොරෝනා වෛරසය ආසාදනය වීම මරණයට හේතුව ලෙස දක්වා ඇත. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 70 ක් වන මියගිය අනෙක් පුද්ගලයා ක්‍ෂය රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. වකුගඩු රෝගයෙන් සහ ආඝාතය වැළඳී සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් එම පුද්ගලයා මියගොස් තිබෙන බව සඳහන් වේ. ඊයේ මියගිය අනෙක් පුද්ගලයා කොළඹ 13 ප‍්‍රදේශයේ පදිංචිව සිටි 75 වන වියෙහි පසුවූ අයෙකි. ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටදී මියගොස් ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට