සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

යුද්ධය නතර කළත් කොවිඩ් මර්දනය කළ නොහැකි බවට ජනපති කළ ප්‍රකාශය පාලකයෙකුගේ යහපත් ලක්ෂණයක්දැයි විමසිය යුතුයි – එක්සත් ජාතික පක්‍ෂය

Podu මේ වනවිට රට තුළ උද්ගතව ඇති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රට පත්ව ඇති ඉරණම පිළිබඳ ආණ්ඩුව මීට වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බැවින් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග දියත්කළ යුතුව ඇති බව එක්සත් ජාතික පක්‍ෂය අවධාරණය කර සිටියි. අද (17) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් එක්සත් ජාතික පක්ෂයේ දිවුලපිටිය ආසන සංවිධායක කිත්සිරි මංචනායක මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී කිත්සිරි මංචනායක මහතා පහත පරිදි තවදුරටත් මාධ්‍ය වෙත අදහස් පළකළේය.

මේ වනවිට වාර්තා වන තොරතුරු අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ඉතා අසරණ තත්ත්වයකට පත්ව තිබෙනවා. රටක ජීවනාලිය ලෙස සැලකෙන එම ව්‍යාපාරිකයින් ආරක්ෂා කර ගැනීමට බලධාරීන් විසින් අවශ්‍ය විසදුම් ක්‍රියාත්මක කළයුතුයි. එම ව්‍යපාරිකයින්ගේ ව්‍යාපාර බිඳදමා රටක් ලෙස ඉදිරියට යා නොහැකියි.

බැංකු පොළී අනුපාතය විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් රජයේ බැංකු ඉතා ඉහළ ලාභයක් ලබන අවස්ථාවකදී හෝ ජනතාවට යම් සහනයක් ලබාදීමට කටයුතු කළයුතුව තිබුනත් ආණ්ඩුව මේ දක්වා එවැන්නක් සිදුකර නෑ. වෙනත් රටක් තුළ මෙවැනි වසංගත තත්ත්වයක් උද්ගත වුවහොත් එම රටවල් තම ව්‍යාපාරිකයින්ට ණය සහන හෝ එම ව්‍යාපාර පවත්වා ගෙනයාම සඳහා ආධාර ලබාදෙනවා. නමුත් මෙරට තුළ එවැනි කිසිදු ආකාරයක සහන හෝ අධාර ලබාදීමක් සිදුවන්නේ නෑ. ඒ තුළින්ම වත්මන් ආණ්ඩුවේ ෆේල් බව මනාව ඔප්පු වනවා.

කොරෝනා වසංගතයේ පළමු රැල්ලේදී පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් වත්මන් ආණ්ඩුව රුපියල් 5000/- ක දීමනාවක් ලබාදුන්නා. නමුත් කොරෝනා දෙවන රැල්ල පැමිණ තිබියදීත් එම දීමනාව ලබාදීමට ආණ්ඩුව මෙතෙක් කටයුතු කර නෑ. කොරෝනා වසංගතය මෙරටට පැමිණියේ වත්මන් ආණ්ඩුව අවිධිමත් ලෙස කටයුතු කිරීම නිසයි.

තමන්ට යුද්ධය නතර කිරීමට හැකියාවක් තිබුණත් කොරෝනා වෛරසය තුරන් කිරීමට හැකියාවක් නැතැයි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දිනෙක ප්‍රකාශ කළා. එවැනි ප්‍රකාශයක් සිදුකිරීම පාලකයෙකු සතු යහපත් ලක්ෂණයක්දැයි ජනාධිපතිවරයාගෙන් විමසා සිටිනවා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට