සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආණ්ඩුවේ මාෆියා අයවැය වතු ජනතාවගේ ගැටළු අමතක කරලා – සමගි ජන බලවේගය

Podu මාෆියාවට හිතවත් ආකාරයට වත්මන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති මෙවර අයවැය, මාෆියා අයවැයක් ලෙස හැඳින්විය හැකි බවත් මෙවර අයවැය තුළින් කළු සල්ලි සුදු කරගැනීම සඳහා අවස්ථාව ලබාදී ඇති බවත් සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. ඊයේ (20) කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.වේලුකුමාර් මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර එහිදී ඒ මහතා පහත පරිදි සිය අදහස් පළකරන ලදී.

ආණ්ඩුවේ අමාත්‍යවරුවන් ඇතුළු ප්‍රබල සාමාජිකයින් ලෙස කටයුතු කරන පිරිසකටත් ප්‍රබල ව්‍යාපාරිකයින් පිරිසකටත් විදෙස් රටවල බැංකු තුළ කළු මුදල් තැන්පත් කර ඇති බවට පසුගිය සමයේදී චෝදනා එල්ලවුනා. ඒ අනුව කොරෝනා වසංගතය අමතක කර මාෆියාවට අත දෙන අයවැයක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කරලා තිබෙනවා. කළු සල්ලි ඇත්තේ නීති විරෝධී ව්‍යාපාරිකයින්, මිනීමරුවන් සහ මත් ජාවාරම්කරුවන් වැනි පිරිස් සතුව මිස මෙරට සාමාන්‍ය ව්‍යාපාරිකයින් සතුව නොවෙයි. රට තුළ පවතින වසංගත තත්ත්වය හමුවේ මෙරට සාමාන්‍ය ව්‍යාපාරිකයින් දැඩි අපහසුතාවයට පත්ව සිටියත් එම ගැටළු සඳහා විසඳුම් ලබාදීමට අයවැයෙන් කටයුතු කරලා නෑ.

කොරෝනා වසංගතය හමුවේ රට යම් අර්බුදයකට ලක්ව ඇතත් ජනතාවට සහනයක් සැලසීමට ආණ්ඩුව කටයුතු කරලා නෑ. පීඩාවට පත්ව සිටින ජනතාවගේ ජීවිත රැකගැනීම පසෙකලා තමන්ගේ සහ සිය ගෝල බාලයින්ගේ කාර්යයන් පමණක් ඉෂ්ඨ කිරීමේ කොන්ත්‍රාත්තුවක් පමණක් මෙවර අයවැය තුළින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. වතු සේවකයින්ගේ දිනක වැටුප රුපියල් 1000/- ක් බවට පත්කරන බවට ඉලක්කමෙන් පෙන්වා අයවැයෙන් යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර නිවාස, පාසල් සහ කොරෝනා වසංගතය ආදී කිසිදු ගැටළුවක් වතුකරයේ ජනතාවට නොමැති බව සිතමින් ආණ්ඩුව කටයුතු කර තිබෙන බවක් පේනවා. මෙම තත්ත්වය වතුකරයේ ජනතාවට යළි චුයින්ගම් එකක් ලබාදීමක් ලෙස හැඳින්විය හැකියි.

නුවරඑළිය දිස්ත්‍රික්කයටම ඇත්තේ එක් පී.සී.ආර්. යන්ත්‍රයක් පමණයි. මෙය දැඩි අවදානමක්. මෙවර අයවැය, වතුකරයේ ජනතාව අමතක කරන ලද අයවැයක් ලෙස හැඳින්විය හැකියි. ඒ අනුව රුපියල් 1000/- ක දීමනාව පෙන්වා වතුකරය නියෝජනය කරන මැති ඇමතිවරුන් රැවටීමට ලක්කර තිබෙනවා. වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල්1000/- ක් බවට පත්කිරීම පිළිබඳ සතුටු වන නමුත් එම යෝජනාව පෙන්වා වතුකරයේ පවතින අනෙකුත් ගැටළු අමතක කිරීම දැඩි ගැටළුවක්.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට