සත්‍යයේ පුවත් අඩහැරය….

වසංගත තත්ත්වයක් පවතිද්දී එල්.පී.එල්. තරඟාවලිය පැවැත්වීම දැඩි ගැටළුවක් – පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉඳුනිල්

Podu කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් සමාජ ක්‍රියාකාරකම් ඇතුළු විවිධ උත්සව අවස්ථා පාලනය කළයුතුව තිබෙන තත්ත්වයක ලබන 26 වනදා ආරම්භ කිරීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය පිටුපස යම් අපහැදිලි සහ දූෂිත තත්ත්වයන් රැසක් පවතින බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි.ඊයේ (20) කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉඳුනිල් මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

තුෂාර ඉඳුනිල් මහතා එහිදී වැඩිදුරටත් පහත පරිදි අදහස් පළකරන ලදී.

වසංගත තත්ත්වයක් ඇතිව තිබියදී මෙවැනි ක්‍රිකට් තරඟාවලියක් සාර්ථකව පැවැත්වීමට හැකියාවක් තිබේද සහ තවත් කොරෝනා පොකුරක් ඇතිවේද යන ගැටළු මතුවනවා. ඒ අනුව මෙවැනි ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීම හරහා ජාතික සම්පතක් ලෙස හැඳින්විය හැකි මෙම තරඟාවලියට සම්බන්ධ වන ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම ක්‍රීඩාව හා බැඳි සිටින විශාල පිරිසක් දැඩි අවදානමකට ලක්වනවා. මෙම තරඟාවලියට සහභාගිවීමට මෙරටට පැමිණි රවීන්ද්‍ර පාල් සිං නම් ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයාට කොරෝනා වෛරසය ආසාදනයවී ඇතැයි ඔහු සම්බන්ධයෙන් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී තහවුරුවී තිබෙනවා. එම ක්‍රීඩකයා මේ වනවිට හම්බන්තොට ප්‍රදේශයේ නිරෝධායනය වනවා.

ආගමන සහ විගමන සීමා පනවා තිබෙන තත්ත්වයකදී මෙම ක්‍රිකට් තරඟාවලිය සඳහා ලොව විවිධ රට වලින් මෙරටට පැමිණෙන ක්‍රිකට් ක්‍රීඩකයින්, මාධ්‍යවේදීන්, පුහුණුකරුවන්, ක්‍රීඩා විචාරකයින් ඇතුළු විශාල පිරිසකගෙන් කාට හෝ යම් හෙයකින් කොරෝනා වෛරසය ආසාදනයවී තිබුනහොත් නව කොරෝනා පොකුරක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතිනවා. ජාත්‍යන්තරය කරා ශ්‍රී ලංකාව රැගෙන ගිය ක්‍රිකට් ක්‍රීඩාව රටට ඉතා වැදගත්. මෙරට හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා විසින් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සම්බන්ධයෙන් වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත දීර්ඝ ලිපියක් යොමුකර තිබෙනවා. නමුත් මෙතෙක් ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නෑ.

2020.10.14 වන දින මෙම ක්‍රිකට් තරඟාවලියට අනුග්‍රහය දක්වන සමාගම සමග ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. එම ගිවිසුම අනුව මෙරටට ඇමෙරිකානු ඩොලර් 1775000 ක මුදලක් හිමිවිය යුතුයි. නමුත් මෙතෙක් අදාළ සමාගම ක්‍රිකට් පාලක මණ්ඩලයට එම මුදලින් කිසිදු මුදලක් ලාබාදී නෑ. ඉහත ලිපිය තුළ එම කරුණු සඳහන් කර තිබෙනවා. මෙය දැඩි අවධානයකට ලක් කළයුතු තත්ත්වයක්. මෙම තරඟාවලියේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇත්තේ දයාසිරි ජයසේකර මහතා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද සමයේදී පත්කරන ලද කමිටුවක වාර්තාව අනුව දේශීය තරඟ පාවදීම් සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ලවූ අයෙක්. ඒ අනුව මෙම තරඟාවලිය පුරාම දැඩි අක්‍රමිකතාවයක් පවතින බව පැවසිය හැකියි.

විස්තර විචාරකයෙකු ලෙස මෙම තරඟාවලියට සහභාගිවීමට දකුණු අප්‍රිකාවෙන් මෙරටට පිටත්ව ඇති හර්ෂල් ගිබ්ස් නම් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා මෙරටට පැමිණී පසු මෙරට ක්‍රිකට් ක්‍රීඩා සමාජයක පුහුණුකරුවෙකු බවට පත්ව තිබෙනවා. ඒ අනුව තරඟාවලිය පුරාම අපහැදිලි සහ රහසිගත කරුණු රැසක් පවතිනවා. තරඟාවලියේ මාධ්‍ය විකාශන අයිතිය ලබාගත් සමාගම ද මේ දක්වා මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලයට කිසිදු මුදලක් ලබාදී නෑ. මේ අනුව මෙවැනි ගැටළු සහගත තත්ත්වයන් යටතේ කොරෝනා ගිනි ඇවිලෙමින් තිබියදී විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයින් මෙරටට ගෙන්වා මෙවැනි ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීම පිළිබඳ වඩා සැලකිලිමත් විය යුතුයි. ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය තුළ පවතින ගැටළුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් මෙන්ම තරඟාවලිය තුළ විනිවිද භාවයක් ඇති කිරීම සඳහාද අවශ්‍ය පියවර ගන්නැයි බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට