සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනතාවට සහන ලබාදී ඇතැයි ජනාධිපතිවරයා පැවසුවත් එවැන්නක් සිදුව නෑ – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා

Podu මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද ඇතැම් ප්‍රකාශ සාවද්‍ය නොවන බවත් පසුගිය යහපාලන ආණ්ඩුව විසින් සිය පාලන කාලය තුළදී ලබාගන්නා ලද ණය ප්‍රමාණයට සාපේක්‍ෂව වත්මන් ආණ්ඩුව සිය වසරක පාලන කාලය තුළ විශාල ණය ප්‍රමාණයක් ලබාගෙන ඇති බවත් සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. ඊයේ (22) කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර ඒ මහතා එහිදී පහත පරිදි තවදුරටත් අදහස් පළකරන ලදී.

විදේශ ණයගැනීම් පාලනය කරමින් ණය වාරික සියල්ල නිසි ලෙස ගෙවීමට කටයුතු කළ බවත් ජනාධිපතිවරයා පවසා සිටියි. එම ප්‍රකාශය වැරදියි. සිදුව ඇත්තේ විදෙස් ණය පාලනය නොවී ඉහළ යාමයි. පසුගිය ආණ්ඩු සමයේ සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් පසු මෙරට ආර්ථික වර්ධන වේගය 2% ක තත්ත්වයකට පත්වුනා. එය අපි පිළිගන්නවා.

ණය ලබාගෙන විවිධ සංවර්ධන කටයුතු සිදුකළ නිසා යුද්ධයෙන් පසු 2011 සහ 2012 කාලය තුළ මෙරට ආර්ථිකයේ යම් වර්ධනයක් සිදුවුනා. ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ තමයි වැඩි වර්ධනයක් සිදුවුනේ. ඒ සියල්ල ණය මඟින් සිදුකළ නිසා මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී 2013 වසරේ මෙරට ආර්ථික වර්ධන වේගය බැලුන් බෝලයක් පුපුරා යන පරිදි 3.4% ක් දක්වා කඩා වැටුනා. එදා සිටම මෙරට ආර්ථික වර්ධන වේගය 3.4% ත් 3.5% ත් අතර දෝලනය වෙමින් පැවතියා.

ආර්ථිකය ඉහළ දැමීමට නම් ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතිකිරීම, වෙනත් රටවල් සමඟ සුහදව කටයුතු කිරීම, නිෂ්පාදනය ඉහළ දැමීම වැනි තිරසාර වැඩපිළිවෙලක් අනුව කටයුතු කළයුතුයි. එවැනි නිසි ආර්ථික දැක්මක් වත්මන් ආණ්ඩුවට තිබේදැයි බැලීමට සිදුවන්නේ ඉදිරි වසර කිහිපය තුළයි.

2018 වසරේ ඔක්තෝම්බර් මස බලයට පත්වූ දින 52 හොර ආණ්ඩු සමයේදී මෙරට පිළිබඳ ජාත්‍යන්තරය තුළ පැවති විශ්වාසය බිඳවැටීම නිසා විදෙස් ආයෝජකයින් සිය ආයෝජන යළි තමන්ගේ රටවලට රැගෙන යාමට කටයුතු කළා. මේ හේතුවෙන් 2018 වසරේ නොවැම්බර් මාසයේ සිට මෙරට රුපියල විශාල ලෙස කඩාවැටුනා. ඒ අනුව ආර්ථිකයේ කඩාවැටීමට දින 52 හොර ආණ්ඩුව වග කිවයුතුයි.

බදු ඉවත් කර, බදු සහන ලබාදුන් බවත් ජනාධිපතිවරයා විසින් පවසා තිබුනා. එම ප්‍රකාශය පරිදි පොළි අනුපාත අඩුකිරීම කළේ කෙසේදැයි විමසිය යුතුව තිබෙනවා. රජය වැඩියෙන්ම ණය ලබාගන්නේ සේවක අර්ථ සාධක අරමුදලින්. එම අරමුදල සඳහා ලබාදෙන පොළිය අඩුකිරීමට තීරණය කර ඇත්තේ රජයට ණය ලබාගැනීම සඳහායි. ඒ අනුව සේවකයින්ට යම් ප්‍රතිලාභයක් ලබාදීමට පිහිට වූ සේවක අර්ථ සාධක අරමුදලෙහි පොළිය බලෙන් පහළ දමා, සේවකයින්ට අසාධාරණයක් සිදුකළ ආණ්ඩුව පොළී අනුපාත පහළ දැමුවේ යැයි පවසමින් සිටිනවා. වැඩකරන ජනතාවගේ මුදල් බලහත්කාරයෙන් අඩු පොළියට ලබාගෙන අනෙක් පසින් පොළිය අඩු කිරීමට කටයුතු කිරීම, පොළියෙන් ජීවත්වන බහුතර පිරිසකට සිදුකරන අගතියක්.

බදු බර පහළ දමා ජනතාවට සහන දීමට කටයුතු කළේ යැයි ජනාධිපතිවරයා පැවසුවත් එවැන්නක් සිදුව නෑ. සහල් මිලද විශාල ලෙස ඉහළ ගොසින් මේ වනවිට. එමෙන්ම ජනාධිපතිවරයා විසින් රටේ ආර්ථිකය සහ අයවැය සම්බන්ධයෙන් ද පදනම් විරහිත ප්‍රකාශ සිදුකර තිබෙනවා. විගණකාධිපතිවරයාගේ වාර්තා සංසන්දනය කළ විට ආණ්ඩුව ජනතාව මුළාකර ඇති ආකාරය පැහැදිලි වනවා.

වී සඳහා සහතික මිලක් ලබාදෙන බව මෙන්ම පොහොර නොමිලේ ලබාදුන් බවද ජනාධිපතිවරයා පැවසූ අතර වී සඳහා වන සහතික මිල රුපියල් 10 කින් වැඩි වී ඇතිමුත් සහල් මිල ඊට සාපේක්‍ෂව වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත්තේ මන්දැයි පැහැදිලි කළයුතුව තිබෙනවා. නොමිලේ ලබාදෙන බව පැවසුවද ඉතා ඉහළ මිල ගණන් යටතේ මේ වන විට පොහොර අලෙවි වනවා.

ව්‍යාජ ප්‍රකාශ සිදුකරමින් “සර්”ව රැවටීමට පිරිසක් උත්සාහ කරමින් සිටින බව පෙනීයනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතාද සහභාගි වී අදහස් පළකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට