සත්‍යයේ පුවත් අඩහැරය….

අදත් ස්ථාන රැසක වැසි..

Podu නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩුපීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් තෙක් වර්ධනය වී ත්‍රිකුණාමලය වෙරළට කි.මී.370 දුරින් මුහුද ප්‍රදේශයේ ස්ථානගතව ඇති බවත් එය ඉදිරි පැය 24 ක කාලය තුළ සුළි කුණාටුවක් තෙක් වර්ධනය විය හැකි බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. මෙම පීඩන අවපාත තත්ත්වය ඉදිරි පැය 48 තුළ දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි. එමෙන්ම බස්නාහිර, සබරගමුව, උතුරු මැද සහ වයඹ පළාත් තුළත් මඩකළපුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක වැසි අතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට