සත්‍යයේ පුවත් අඩහැරය….

අයවැය අනුව අද පවතින තත්ත්වයටත් වඩා අන්ත අසරණ තත්ත්වයකට ශ්‍රී ලංකාව පත්වේවි – එක්සත් ජාතික පක්ෂය

Podu මුදල් අමාත්‍යවරයා විසින් පසුගියදා ඉදිරිපත් කරන ලද අයවැයි වාර්තාවේ සඳහන් කරුණු සහ මහ බැංකුවේ වාර්තා තුළ සඳහන් කරුණු එකිනෙක ගළපන විට ඉදිරියේදී ශ්‍රී ලංකාව, අද පවතින තත්ත්වයටත් වඩා අන්ත අසරණ තත්ත්වයකට පත්වනු ඇතැයි වැටහෙන බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි. අද (24) සිරිකොත පක්ෂය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර එහිදී ඒ මහතා පහත පරිදි තවදුරටත් සිය අදහස් දක්වන ලදී.

මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇත්තේ ඉතාම අවාසනාවන්ත අයවැය වාර්තාවක්. රටේ ආදායම් වාර්තා දෙස බැලීමේදී අපේ රට විශාල වශයෙන් පහළ තත්ත්වයකට වැටී ඇති බව පෙනී යනවා. ආණ්ඩුව බදු මුදල් විශාල ලෙස වැඩිකර තිබෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ එම බදු මුදල් උපයා ගැනීමට හැකිවන්නේ ජනතාවගෙන් පමණයි. මාස කිහිපයකට හෝ මෙම බදු මුදල් අඩු කිරීමට කටයුතු කළයුතුව තිබෙනවා.

සමස්ත ජනතාවගේ සුභසිද්ධිය දෙස බලා අයවැයක් සැකසිය යුතුයි. ජනතාවට යහපතක් සිදුවන අයවැයක් ඉදිරිපත් කිරීම රජයේ වගකීමක්. ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය දුව්‍ය මත පනවා තිබෙන බදු අඩුකර කොරෝනා තත්ත්වය හමුවේ අසරණ තත්ත්වයකට පත්ව සිටින ජනතාවට යම් හෝ සහනයක් ලබාදීම රජයේ වගකීමක්.

පසුගිය මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලද පරාජය හමුවේ යළි පක්ෂය ගොඩගැනීමට අවශ්‍ය ඇති බැවින් නව තනතුරු පත්කර ජාතික ලැයිස්තු අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තුවේදී රජයට විරුද්ධව හඬක් නැගීමට හැකි එකම පුද්ගලයා වශයෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාව යළි පාර්ලිමේන්තු යැවීමට තීරණය කළා. එක්සත් ජාතික පක්ෂයේ කිසිවකුත් එම තනතුරට තරඟ නොකළ බවත්, කොරෝනා වෛරසය හේතුවෙන් රට මුහුණදී තිබෙන තත්ත්වය හමුවේ රට ගැන සිතා රනිල් වික්‍රමසිංහ මහතාව ඒ සඳහා නම් කළා.

පසුගිය මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය වෙත ජනතාව ලබාදුන් තීන්දුව හමුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තුළ මෙරට ජනතාව කෙරෙහි යම් කණගාටුවක් ඇතිවුනා. නව නායකයෙකුට කඩාවැටී ඇති පක්ෂයක් භාරනොදී එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කර සුදුසු පුද්ගලයකුට භාරදීම රනිල් වික්‍රමසිංහ මහතාගේ බලාපොරොත්තුවයි.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට පක්‍ෂයේ කටයුතු සම්බන්ධයෙන් විශාල වගකීමක් පැවරෙනවා. එතුමාව එම තනතුරින් ඉවත් කිරීමට කිසිදු අයෙකු කටයුතු කළේ නෑ. එතුමා විසින්මයි සිය අස්වීමේ ලිපිය භාරදීමට කටයුතු කළේ. මෙම වසර අවසානයේදී එක්සත් ජාතික පක්ෂයේ සියලු තනතුරුවල ධූර කාලයන් අවසන් වන අතර එතුමා විසින්ම තීරණය කර සිය ධුරයෙන් ඉවත්වීමට කටයුතු කළ බව තමන් විශ්වාස කරනවා. කොරෝනා වෛරසය හේතුවෙන් සිය රැකියා අහිමිවූ පුද්ගලයින්ට සිය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රුපියල් 5000/- ක දීමනාවක් ලබාදී ඉන් මාසයක කාලයක් ජීවත් වන්නැයි පැවසීම විහිළුවක්. එම මුදල කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නෑ ජනතාවට. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බලයේ සිටියදී ගං වතුරක් ඇතිවූ අවස්ථාවක ඉතා විශාල මුදලක් වෙන්කර ජනතාව ආරක්ෂා කිරීමට කටයුතු කළා.

එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රිධූරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සුදුසු යැයි ඊයේ තීරණය කිරීමත් සමඟ එතුමා යම් ආකාරයකින් එම යෝජනාව ප්‍රතික්ෂේප කළා. නමුත් එසේ නොකර රට පත්ව ඇති තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුවට යන්නැයි තමන් සෘජුව අවධාරණය කළා එතුමාට. ඒ අනුව එතුමා එම යොජනාව පිළිගත්තා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට