සත්‍යයේ පුවත් අඩහැරය….

වන සම්පත විනාශ කරමින් තිරසාර සංවර්ධනයක් ඇති කරන්නේ කෙසේදැයි ආණ්ඩුවෙන් විමසනවා – එක්සත් ජාතික පක්‍ෂය

Podu තිරසාර සංවර්ධනයක් ඇති කිරීම සිය මූලික අරමුණ යැයි පවසමින් අයවැයක් ඉදිරිපත් කළ වත්මන් ආණ්ඩුව, රටේ වන සම්පත විනාශ කරමින් සිටින බැවින් වන සම්පත විනාශ කරමින් තිරසාර සංවර්ධනයක් කරා ගමන් කරන්නේ කෙසේදැයි ආණ්ඩුවෙන් විමසීමට සිදුවන බව එක්සත් ජාතික පක්‍ෂය අවධාරණය කර සිටියි. අද (25) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී අජන්තා පෙරේරා මහත්මිය පහත පරිදි මාධ්‍ය වෙත අදහස් දක්වන ලදී.

වනාන්තරයක් විනාශ කළහොත් යළි එම වනාන්තරය නිර්මාණය කිරීමට හැකිද යන ගැටළුව මතුවනවා. දැනට පවතින වනාන්තර රැකගැනීමට නොහැකිව තිබියදී නව වනාන්තර නිර්මාණය කරන බව පැවසීම විහිළුවක්.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් වනාන්තර විනාශ කර එහි ජනතාව පදිංචි කිරීමට කටයුතු කිරීම හේතුවෙන් මෙරට වනාන්තර විශාල ප්‍රමාණයක් විනාශ වුනා. එයට දඩුවමක් ලෙස අධිකරණය විසින් ඒ මහතාට සිර දඩුවම් ලබාදීමට කටයුතු කළත් නඩුව අවසානයේදී අධිකරණය විසින් විනාශ කරන ලද වනාන්තරය තුළ යළිත් පැළ සිටුවන ලෙසට තීන්දුවක් ලබාදුන්නා. එය කෙසේ සිදු කරන්නේදැයි අප කිසිවෙකු දන්නේ නෑ. එම තීන්දුව ඵල රහිත තීන්දුවක්. එවැනි තීන්දු ලබා නොදී ඒ මහතාට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කරන්නැයි අප ඉල්ලා සිටිනවා.

ජනතාව මුලාකරමින් බලධාරීන් පරිසරය විනාශ කිරීමට කටයුතු කළා. 2001 වසරේ චක්‍රලේඛයක් මගින් ප්‍රදේශිය ලේකම්වරුන්ට වන සම්පත සම්බන්ධයෙන් තිබු බලතල ඉවත් කර එම බලතල වනජීවි දෙපාර්තමේන්තුවට ලබාදීමට කටයුතු කළා. නමුත් එම බලතල වනජීවි දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර යළිත් ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබාදීමට ආණ්ඩුව කටයුතු කරලා.

අයවැයෙන් රුපියල් මිලියන 3500 ක මුදලක් වනාන්තර ඉදි කිරීම සඳහා යොදා ඇති බව සඳහන්ව තිබෙනවා. ජනාධිපතිවරයාට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අවශ්‍ය සියළු බලතල ලබා දුන්නා. ජනාධිපතිවරයා සර්ව බලධාරියකු වුවත් කිසිසේත්ම යළි වනාන්තර ඉදිකිරීමේ හැකියාවක් එත්මාට නැහැ. වනාන්තර විනාශ කරන පිරිසට අද හොඳ කාලයක් උදාවූවත් බලය අවසන් වූ විට සුදුසු දඩුවම් හිමිවේවි.

ඉදිරියේදී විදේශීය රටවලින් ණය ලබා ගැනීමට බලාපොරොත්තු වුවත් පරිසරයට සිදුකළ විනාශය නිසා එම අවස්ථා අපට අහිමි වේවි. එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරියේදී පරිසර ප්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු කරනවා.

වන සම්පත විනාශ කිරීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ඊයේ (24) නුගේගොඩදී නිහඬ විරෝධතාවයක් දියත් කළා. ඉදිරියේදී රට පුරා එවැනි විරෝධතා පැවැත්වීමට කටයුතු කරනවා. සෑම ජාතියකටම, සෑම සත්වයෙකුටම රට තුළ ජීවත්වීමේ අයිතියක් තිබිය යුතුයි. එය නැති කිරීමට කුමන හෝ අයෙකු කටයුතු කරන්නේ නම් එය ද්‍රෝහිකමක්.

විශාල පිරිසක් ජනාධිපතිතුමාට වන්දනාමාන කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපතිවරයා ලෙස පත්කර ගැනීමට කටයුතු කළ මෙරට විශාල පිරිසක් වර්තමානය වනවිට කිසිදු දෙයක් කර කියාගැනීමට නොහැකිව අසරණ තත්ත්වයකට පත්ව සිටිනවා. රටේ ණය බර ඉතා විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. පරිසරය සම්බන්ධයෙන් රටක් වශයෙන් ජාත්‍යන්තරය සමඟ ගිවිසුම් රැසක් අත්සන් කර තිබෙනවා. පසුගිය දිනකදී විදේශීය රටකින් මෙරටට කසළ විශාල ප්‍රමාණයක් එවා තිබුනා. එම කසළ යළි එංගලන්තයට යැවූ බවට ජනතාව මුලාකරමින් ආණ්ඩුව ප්‍රකාශ කළා. එය ව්‍යාජ ප්‍රකාශයක්. ජනතාව නොමග යවා එම කසළ කන්ටේනර් සියල්ල අරුවක්කාළු ප්‍රදේශයට යැවීමට කටයුතු කළා. කිනම් හෝ දිනෙක සිය බලතල බිඳී ගියහොත් වන විනාශයට අනුබලදීමේ චෝදනාව මත සිරදඩුවම් විඳීමට ද සිදුවන බව සිහියේ තබාගෙන කටයුතු කරන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ලබාදුන් නඩු තීන්දුව පිළිබඳ ජනතාව තුළ කිසිදු සතුටක් නෑ. එය අධිකරණය විසින් ලබාදුන් වැරදි තීන්දුවක්. කිසිදු අයුරකින් අපට ලබාගත නොහැකි දෙයක් පසුපස ගමන් කරන්නේ ඇයි දැයි ජනාධිපතිවරයාගෙන් විමසනවා. කෘෂිකර්මාන්තය සඳහා පලිබෝධ නාශක භාවිතා කිරීම නිසා මෙරට ජන ජීවිතය විශාල අර්බුදයකට මුහුණදෙමින් සිටිනවා. කෘෂිකර්මාන්තය වෙනුවෙන් හඳුන්වාදුන් ඉඩම් කෘෂිකර්මාන්තයේ දියුණුවට පමණක් යොදාගැනීමට කටයුතු කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. අනාගත දරු පරපුර වෙනුවෙන් රටේ වන සම්පත ආරක්ෂා කිරීමට කටයුතු කිරීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය ලෙස අපට ඉදිරියේදී සතුටු වීමට හැකියාව තිබෙනවා. ආචාර්ය උපාධි ඇතුළු ඉතා ඉහළ මට්ටමේ දැනුමක් ඇති පුද්ගලයින් පාර්ලිමේන්තුවට යැවීමට ජනතාව කටයුතු කළේ තම සුබසිද්ධිය තකා පාලකයින් කටයුතු කරාවි යන විශ්වාසයෙනුයි. මෙවර අයවැයෙන් කාන්තාවන් භාවිතා කරන සනීපාරක්ෂක තුවා වලට බද්දක් පැනවීම මෙරට සමස්ත කාන්තාවන්ට කළ නින්දාවක්.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට