සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පසුගිය වසර තුළ ආණ්ඩුව සිදුකළේ ඒකාධිපතිත්වය ස්ථාපිත කිරීම පමණයි – සමගි ජන බලවේගය

Podu මහින්ද රාජපක්ෂ මහතාගේ බුද්ධිය තුළින් ලබාගත් දේශපාලන ජයග්‍රහණය අද වනවිට විනාශ වෙමින් පවතින බවත්, ජනාධිපතිවරයා තීරණ ගන්නේ ගජ මිතුරන් කිහිපදෙනෙකු සමඟ පමණක් වන බැවින් ආණ්ඩුව මෙන්ම රටත් ෆේල් වෙමින් තිබෙන බවත් සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. ඊයේ (25) කොළඹ පිහිටි විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි හරින් ප්‍රනාන්දු මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී හරීන් ප්‍රනාන්දු මහතා පහත පරිදි මාධ්‍ය වෙත සිය අදහස් පළකරන ලදී.

කළකිරීම් රැසක් ඇති බව ආණ්ඩුවේම පිරිස් අපත් සමඟ පවසනවා. සොල්දාදුවන්ගේ නම විකුණමින් බලයට පත්ව සිංහල ආණ්ඩුවක් ලෙස තමන්ව හඳුන්වාගත් වත්මන් ආණ්ඩුව, දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ, අරන්තලාවේ භික්ෂූන් ඝාතනය කළ, හමුදාවේ විශාල පිරිසක් ඝාතනය කළ පිල්ලෙයාන්ව ඉතා ලස්සනට නිදහස් කළා. මෙය අශෝභන සිදුවීමක්.

මේ වනවිට බන්ධනාගාරගතව සිටින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර නම්වූ නිර්භීත නිලධාරියාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි Leader.lk නම් වෙබ් අඩවියේ සඳහන්ව තිබෙනවා. එය කණගාටුවට කරුණක්. ශානි අබේසේකර යනු නාවල නිහාල් ඇතුළු පාතාල සාමාජිකයින් විශාල පිරිසක් මර්දනය කළ එල්.ටී.ටී.ඊ.ය විසින් සිදුකළ සොරකම් සහ ඝාතන වලට අදාළ පිරිස් රැසක් අත්අඩංගුවට ගත් නිර්භීත නිලධාරියෙක්.

එමෙන්ම රෝයල් පාක් සහ උඩතලවින්න ඝාතන සිදුවීම් ඇතුළු අඟුලාන පොලිස්ථානයට පහරදීම වැනි සිදුවීම් රැසක් සම්බන්ධයෙන් ද සාර්ථකව පරීක්ෂණ සිදුකළ අයෙක්. පළිගැනීමට තිබෙන වුවමනාව නිසා ඔහුට කොරෝනා වෛරසය ආසාදනය කරවන ලද්දේ දැයි යන සැකය පවා මතුවනවා. ඒ අනුව මෙම පළිගැනීම වහාම අත්හිටුවන්නැයි මෙන්ම කොරෝනා වැළඳී ඇතැයි පැවසෙන මෙම නිලධාරියාව අයි.ඩී.එච්. රෝහලට මාරු කරන්නැයි ද ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

සොරකම් කළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළවිට රාජ්‍ය සේවකයින්ගෙන් පළිගන්නේ නම් එය පිළිගත නොහැකි තත්ත්වයක්. පුද්ගලික අංශයේ පුද්ගලයින් දෙදෙනෙකු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් ලෙස පත්කිරීමද ගැටළු සහගත තත්ත්වයක්. වත්මන් ආණ්ඩුවට සම්බන්ධ, විවිධ දූෂණ සහ වංචා සිදුකළ පිරිස් වලට එරෙහිව පරීක්‍ෂණ කිරීම නිසා ජීවිත තර්ජන එල්ල කර ශානි අබේසේකර මහතාගෙන් මෙලෙස පළිගැනීම නිවැරදිදැයි මෙන්ම මෙවැනි තත්ත්වයන් හමුවේ රෙස්පෙක්ට් කරන්නේ කෙසේදැයි සර්ගෙන් විමසනවා.

මුදල් අවභාවිතා කළ බවට චෝදනා එල්ලවූ අනූෂ පැල්පිට සහ ලලිත් වීරතුංග යන මහත්වරුන් එම චෝදනාවන්ගෙන් නිදොස් කොට නිදහස් කළා. කතානායකවරයාට පුටුවක් ඔසවා පහරදීමට තැත්කළ පුද්ගලයාගේ එතනොල් කර්මාන්ත ශාලාවට බලපත්‍රයක් හිමිවුනා. පසුගිය දින කිහිපයේදීම මෙරට සිදුවුනේ එවැනි ජවනිකා. එමෙන්ම අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පත්‍රය බල ශූන්‍ය කළා. රුපියල් කෝටි 20 ක වංචා කිරීමේ චෝදනාවෙන් ලක් පොහොර සමාගමේ සභාපතිවරයාව නිදහස් කළා. නීති විරෝධී අවි ගනුදෙනු සහ මුහුදු ආරක්ෂණ කටයුතු තුළින් රජයට පාඩුකළ, විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීම හරහා අසාධාරණ ලෙස බදු ඉපයූ බවට චෝදනා එල්ලවූ ආයතනයක හිමිකරුවෙකුට ඉඩම් අක්කර 5000 ක් හිමිවුනා.

රුපියල් මිලියන ගණනක මුදල් සාපරාධී ලෙස භාවිතා කිරීමේ චෝදනාවට ලක්ව සිටි ද්විත්ව පුරවැසිභාවය හිමි සහෝදරයාට පනවන ලද විදෙස් ගමන් තහනම ඉවත් කළා. ඇන්ටිජන් මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස පත්වුනා. අපිට කියන්න තිබෙන්නේ පට්ට රෙස්පෙක්ට් කියලා විතරයි.

අගමැතිවරයාගේ බලතල ඉක්මවා යන බලයක් ඇන්ටිජන්ට ලබාදීමෙන් කවුරු කුමක් පැවසුවත් සිය නිත්‍ය අගමැතිවරයා මහින්ද රාජපක්ෂ මහතා නොවන බව ජනාධිපතිවරය පෙන්වා තිබෙනවා. ලලිත් කූගන් නඩුව තුළින් ජනාධිපතිවරයාට එල්ල කර තිබූ චෝදනාව බල රහිත කළා. සිය හොඳම මිතුරෙකු ජනාධිපතිවරයා ලෙස පත්ව ඇති බැවින් ඇන්ටිජන් මහතාට කිසිදු ගැටළුවකට මුහුණදීමට සිදුවන්නේ නෑ. එක් පුද්ගලයෙකුගේ අවශ්‍යතාවය මාධ්‍ය මර්දනයක් සිදුවෙමින් තිබෙනවා. රට විශාල අවදානම් තත්ත්වයකට පත්වෙමින් තිබෙන්නේ.

ප්‍රදේශීය සභාවක හෝ කටයුතු නොකළ, කිසිදු දේශපාලන අත්දැකීමක් නොමැති අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී නුසුදුසු ලෙස අදහස් දක්වනවා. අධිකරණයක විභාග වන නඩුවකට පෙනී සිටි පමණින් තමන්ට අවශ්‍ය ලෙස කටයුතු කිරීමට අධිකරණ අමාත්‍යවරයාට නොහැකියි. ඒ අනුව ආණ්ඩුව ෆේල්ද නැද්ද යන්න ජනතාව විසින් පවසාවි. මේ වනවිට ජනතාව මහා භීතිකාවකට ලක්ව සිටිනවා.

මාජ මාධ්‍ය ජාලා තුළ සත්‍ය මෙන්ම අසත්‍යද පළවනවා. නමුත් මර්දනය හරහා සත්‍ය තොරතුරු වසන් කිරීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ. කරුණා සහ පිල්ලෙයාන් යන දෙදෙනාම ආණ්ඩුවේ ආරක්ෂාව යටතේ නිදහසේ සිටිනවා. පිල්ලෙයාන්ට ලබාදී තිබූ ආරක්ෂාව කෙතරම්දැයි පසුගියදා දැකගැනීමට හැකිවුනා.

පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් විසින් යම් අනාවරණයක් කළා පසුගිය දිනෙක. ඊට පසුදාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රශ්න කිරීම සඳහා උන්වහන්සේගේ විහාරස්ථානයට පැමිණියා.

ණය බර හේතුවෙන් සියදිවි හානි කරගන්නා තත්ත්වයකට මෙරට ජනතාව පත්ව තිබෙනවා. රූපවාහිනි නාලිකා දෙකක් අතර යම් ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇති ආකාරයක් පෙනීයනවා. එක් නාලිකාවක් ජනාධිපතිවරයාගේ මාධ්‍ය නාලිකාව ලෙසත් අනෙක් නාලිකාව ජනතාවගේ මාධ්‍ය නාලිකාව ලෙසත් කටයුතු කරනවා.අපගේ ආණ්ඩුව බලයෙන් පහවන තෙක් මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳ චෝදනා කළ එක් නාලිකාවක් තමන් සමඟද පැටළුනා. මුහුද දෙබෑ කරගෙන නයි පැමිණි බව පැවසූ නාලිකාවකට එක් නීතියක්. අනෙක් නාලිකාවන්ට වෙනත් නීතියක්. මෙවැනි තත්ත්වයන්ට එරෙහිව පෙනීසිටිය යුතුයි.

සර්ට පාස්වීම සඳහා තවමත් අවස්ථාව පවතින බව අප කිහිපවතාවක් අවධාරණය කළා. නමුත් ජනාධිපතිවරයා පාඩම් කිරීමට තෝරාගන්නේ ෆේල් වීමටම උත්සාහ කරන පිරිසක්. මඩ ප්‍රහාර එල්ලකර අපව විනාශ කළ නොහැකියි. අපව නිහඬ කිරීමට නම් කළයුතුව ඇත්තේ හිසට වෙඩිතැබීම පමණයි. එයත් නුදුරේදීම සිදුවිය හැකියි.

ඒකාධිපතිත්වය රට තුළ ස්ථාපිත වීම හැර වත්මන් ආණ්ඩුව බලයට පත්ව ගතවූ වසරක කාලය තුළ සිදුවූ අන් කිසිවක් නෑ.

මෙම මාධ්‍ය හමුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතාද සහභාගිවී අදහස් පළකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට