සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුව රට ජාත්‍යන්තර බල අරගලයකට නතු කරලා – සමගි ජන බලවේගය ..

Podu වත්මන් පාලකයින් පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහමැතිවරණයේදී ජාතික ආරක්‍ෂාව  මෙන්ම රටේ ජනතාවගේ ආරක්‍ෂාව පිළිබඳව කථා කිරීම සිදුකළ ද අද වන විට  ආණ්ඩුව රට ජාත්‍යන්තර බල අරගලයකට මැදි කරගෙන ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.සී. අලවතුවල මහතා පවසයි.ඒ මහතා විඩිදුරටත් පවසා සිටින්නේ කොරෝනා තත්ත්වය තුළදී ද චීනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයාට සමාන කොමියුනිස්ට් පක්‍ෂයේ නියෝජිතයෙකු, ඇමෙරිකාවේ විදේශ ලේකම්වරයා පැමිණිය බැවින්අ අද දින ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධව කටයුතු කරන ඉන්දියානු අගමැතිවරයාගේ ආරක්‍ෂක උපදේශක වන අජිත් ඩෙවාල්  මහතා ලංකාවට පැමිණිමට ගැටළුවක් බවයි.

කොරෝනා තත්ත්වය තුළ මෙවැනි පිරිස් පැමිණ මෙරට තුල සාකච්ඡා කරන්නේ කුමක්ද යන්න ගැටළුවක් නිසා ලංකාව ජාත්‍යන්තර බල අරගලයට නතු වී ඇද්ද යන්න සැක සහිත බවට පැවසිය හැකි අතර ඉන්දියාව, චීනය, ඇමෙරිකාව වැනි රට වල බලපෑම් වලට යටත් වත තත්ත්වයකට ශ්‍රී ලංකාව වත්මන් පාලකයින් පත් කර ඇති බවට හෙතම පවසන ලදී. ඉන්දියානු ආරක්ෂක නිලධාරියා පැමිණීම පිළිබඳව ගැටළුවක් පවතින අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මේ වන විට ඉන්දියාවට ලබාදීමට ආණ්ඩුව සුදානම් වෙමින් සිටින නිසා එහි ඉදිරි කටයුත්තක් වෙනුවෙන් පැමිණෙනවාද යන්න සැක සහිත  බවට ද මන්ත්‍රිවරයා පවසා සිටින ලදී.


පසුගිය කාලය තුල වරයා නැගෙනහිර පර්යන්තය  ඉන්දියාවට ලබාදීමට එරෙහිව වරාය සේවකයින් විරෝධතාවය දැක්වු විට එය මඩ පැවැත්වීමට මහින්ද රාජපක්‍ෂ මහතා පොරොන්දු ලබා දුනන්ද එම පොරොන්දු ඉටුනොකර ඉන්දියාවට ලබාදීමට කටයුතු කරමින් සිටින ආණ්ඩුව වරාය අත්‍යවශය සේවාවක් බවට පත් කරමින් වෘත්තිය සමිති මර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවද හෙතම පවසන ලදී.

පාසල් විවෘත කිරීමට විරෝධය නොදක්වන නමුත් දරුවන් ආරක්ෂා කිරීමට බලධාරීන් ගත යුතු පියවර ගෙන ඇද්ද යන්න ගැටළුවක් බව පෙන්වාදිය හැකි අතර  මහනුවර සහ කුරුණෑගල නගරයේ පාසල් වසා දැමීමට කටයුතු කර ඇති නිසා පාසල් තුළ ආරක්ෂාවක් නොමැති බවට දෙමව්පියන් පවසමින් දරුවන් පාසල් වලට යොමු නොකරන අතර විෂ බීජ හරණය සඳහා පාසල් වලට මුදල් ලබාදෙන බවට පවසා සිටියත් මේ දක්වා නිවැරදි සැලසුමක් සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කර නොමැති බවද මෙහිදි පවසන ලදී.

එමෙන්ම මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි සුජිත් සංජය පෙරේරා මහතා පවසා සිටියේ වත්මන් ආණ්ඩුව පරිසරය විනාශ කිරීමට කටයුතු කරමින් සිටින අතර ජනාධිපතිවරයා සිංහරාජ වනාන්තරය මැදින් මාර්ගයක් ඉදිකිරීමට අවසරය ලබාදීම පුර්වාදර්ශයක් කරමින් ආණ්ඩුවේ මැති ඇමතිවරන්ද පරිසරය විනාශ කරන බවය. එමෙන්ම 2015ට පෙර පැවති මාධය මර්දනය නැවත වරක් ආරම්භ කර ඇති අතර ආණ්ඩුවට අවශ්‍ය ලෙස කටයුතු නොකරන මාධ්‍යයන්ට එරෙහිව කටයුතු කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බව මන්ත්‍රිවරයා වැඩිදුරටත් පවසන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට