ඊයේ කොරෝනා මරණ 08 ක්, මුළු ගණන 107 ක් දක්වා ඉහළට..
ඊයේ (27) දිනය තුළ කොරෝනා මරණ 08 ක් වාර්තාවීමත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන මුළු කොරෝනා මරණ ප්‍රමාණය 107 ක් දක්වා ඉහළ ගොස් ඇත. කාන්තාවන් සිව් දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු මෙසේ මියගොස් ඇති අතර ඔවුන් සියළුදෙනාම කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි කරුවන් වේ.