සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වයන් ඉවතට..

Podu වසංගත තත්ත්වය හමුවේ හුදකලා තත්ත්වයට පත්කරන ලද කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක එම සීමා අද (30) පෙරවරු 5.00 සිට ඉවත් කර ඇත. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, වෙරළබඩ සහ පිටකොටුව යන පොලිස් බල ප්‍රදේශ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව සහ රාගම යන පොලිස් බල ප්‍රදේශ වලට පනවා තිබූ හුදකලා තත්ත්වයන් ඉවත්කර ඇත.

කෙසේ වෙතත් කොළඹ දිස්ත්‍රික්කයේ මෝදර, බ්ලුමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, ආදුරුප්පුවීදිය, වේල්ලවීදිය, කෙසෙල්වත්ත, මාළිගාවත්ත, දෙමටගොඩ, මරදාන යන පොලිස් බල ප්‍රදේශ සහ කොම්පඤ්ඤවීදිය පොලිස් බල ප්‍රදේශ‍යේ වෑකන්ද සහ බොරැල්ල පොලිස් බල ප්‍රදේශයේ වනාතමුල්ල යන ග්‍රාම නිලධාරි වසම් මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල, කැලණිය සහ පෑලියගොඩ යන පොලිස් බලප්‍රදේශ තවදුරටත් හුදකලා තත්ත්වයේම පවතිනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට