මහර බන්ධනාගාරයේ ගැටුමෙන් තවත් රැඳවියෙකු මියයයි..
මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු හටගත් ගැටුම හේතුවෙන් මීට සුළු වේලාවකට පෙර තවත් එක් රැඳවියෙකු මියගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව මෙම සිදුවීම හේතුවෙන් මියගිය මුළු සංඛ්‍යාව 07 ක් තෙක් ඉහළ ගොස් ඇත. ගැටුම හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කර තිබෙන සංඛ්‍යාව 58 කි.