මහර බන්ධනාගාරයේ ගැටුම, රෝහල් ගත කළ පිරිස 109 ක් දක්වා ඉහළට..
මහර බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කරන ලද පිරිස 109 ක් තෙක් ඉහළ ගොස් ඇත. තුවාල ලැබූ රැඳවියන් 107 ක් සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මෙසේ ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත. ගැටුම හේතුවෙන් මේ වන විට රැඳවියන් 8 දෙනෙකු මියගොස් තිබේ.