සත්‍යයේ පුවත් අඩහැරය….

2021 වසර තුළ පක්‍ෂය ශක්තිමත් කරනවා – සමගි ජන බලවේගය …

Podu පක්‍ෂ සංවිධාන ජාලය තුළ තාවකාලිකව අත්හිටුවන ලද “දිනමු” වැඩසටහන පසුගිය සතිය තුල බදුල්ලේදී නැවත ආරම්භ කළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.හෙතෙම වැඩිදුරටත් පවසා සිටින්නේ  2021 වසර තුල ද එම වැඩසහන දියත් කිරීමට බලාපොරොත්තු වන බවයි. ඒ අනුව පක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පැවැත්වු  විධායක සභා රැස්වීමේදී පැවසු පරිදි ජනවාරි මස 09 දින සහ ජනවාරි මස 10 දින මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක වල දිනුම වැඩසටහන පැවැත්වීමට කටයුතු කරන බවද මන්ත්‍රීවරයා පැවසීය.

හෙතම මේ බව පවසා සිටියේ අද (28) පෙරවරුවේ විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. 2021 වසර තුළ පක්‍ෂය ශක්තිමත් කරන වසර බවට පත් කිරීමට කටයුතු කරන බවත්, සමගි සන්ධානය සඳහා ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා කෙටුම්පතක් සකස් කර ඇති අතර එය මිත්‍ර දේශපාලන පක්‍ෂ වල දැනගැනීම සඳහා යොමු කර ඒ පිළිබඳව ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කර ගොඩනගනු ලබන පුළුල් සන්ධානයේ  කටයුතු කෙටි කාලයක් තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බව හෙතම පැවසීය.

2024 දී දේශපාලන වශයෙන් ජය ගැනීමට පවතින අභියෝගයට තම පක්‍ෂ මුහුණදීමට සුදානම් අතර එම අභියෝගයෙන් ජය ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන සියළුම බලවේගයන්ගෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා මෙහිදි පවසා සිටින ලදී. මෙම මාධ්‍ය හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ද සහභාඟිවි සිටිය අතර කොරෝනා වෛරසයට ලෝකයේ රටවල් එන්නත් භාවිතා කිරීම ආරම්භ කර ඇති අතර ඉන්දියාව, බංග්ලාදේශය මෙන්ම මාලදිවයින ද සියළුම ජනතාවට එන්නත් ලබාදීමට කටයුතු කරන බවට පවසා සිටියත් මෙරට තුළ එවැනි කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද පැණියක් පිටුපස යාම පමණක් සිදුකරන බවට හෙතම පවසන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට