සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ මෘත දේහය පිළිබඳ අවසන් වාර්තාව අද සෞඛ්‍ය අමාත්‍යංශයට ..

Podu කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මෘත දේහ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා පත්කළ කමිටු වාර්තාව අද (30) දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට නියමිතව ඇති බව වාර්තා වේ.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, අදාළ වාර්තාව සකස්කර අවසන් බවට කමිටුව විසින් දැනුම් දී ඇති බවයි. ඒ අනුව අදාළ වාර්තාව අද දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබෙනු ඇති බව වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරන ලදී. කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්වන පුද්ගලයින්ගේ දේහය ආදාහනය කරන්නේද භූමදානය කරන්නේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සාමාජිකයින් 09 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත්කරන ලදී. මහාචාර්ය ජෙනිෆර් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් යුත් අදාළ කමිටුව විසින් ඒ පිළිබඳව සිදුකළ අධ්‍යයනයෙන් අනතුරුව ඊට අදාළ වාර්තාව සකස්කර ඇති බවයි. ආදාළ වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අවසන් තීරණයක් ගන්නා තුරු කොරෝනා ආසාදිත මෘත දේහ ආදාහනය කිරීම සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට