සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සනීපාරක්‍ෂක ගැටළුව නිසා පාසල් දැරියන් ඉගෙනුම් දින ලක්‍ෂ 13 අහිමි කරගන්නවා – සජිත් ප්‍රේමදාස ..

Podu මාසිකව මුහුණ සනීපාරක්‍ෂක ගැටළුවට පිළියම් ලෙස නිසි ලෙස අදාළ මෙවලම් භාවිතා නොකිරීම හේතුවෙන් මෙරට අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ පාසල් දැරියන්ගෙන් තුනෙන් එකක පමණ පිරිසක් වසරකදී ඉගෙනුම දින ලක්‍ෂ 13 ක් අහිමිකරගන්නා බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ කාන්තා පාර්ශවය විසින් ශ්‍රම බලකායට ලබාදෙන දායකත්වයෙහි පළුදුවීමක්ද සිදුවන බවත් මෙරට නිෂ්පාදනය සඳහා කාන්තා පාර්ශවය ලබාදෙන දායකත්වය මේ වනවිටත් යම් දුර්වල මට්ටමක පවතින බවත් ඒ අනුව වසරකදී ඇමෙරිකානු ඩොලර් බිලියන 20 ක පමණ නිෂ්පාදන ධාරිතාවක් රටට අහිමිවන්නේ යැයි ගණන්බලා ඇති බවය.

එමෙන්තිම කාන්තා සනීපාරක්‍ෂාව වෙනුවෙන් භාවිතා කරනු ලබන අදාළ මෙවලම් මත පනවා තිබෙන බදු ඉවත්කිරීමට ආණ්ඩුව කටයුතු කර නොමැති අතර  රට තුළ උද්ගතව තිබෙන ආර්ථව දරිද්‍රතාවය තුරන්කිරීම සඳහා එම සනීපාරක්‍ෂක මෙවලම් කාන්තාවන්ට නොමිලේ ලබාදිය යුතු යැයි තමන් විශ්වාස කරන බව හෙතම පවසන ලදී.

එතුමා මේ බව පවසා සිටියේ ආණ්ඩුව විසින් 06 වසරින් ඉහළ පාසල් දැරියන් සඳහා නොමිලේ සනීපාරක්‍ෂක තුවා ලබාදීමට ගෙන ඇති තීරණය පිළිබඳව දැනුවත් කිරීම සඳහා විපක්‍ෂ නායක කාර්යාලයේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. සමගි ජන බලවේගය සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ කාන්තාවන්ට නොමිලේ සනීපාරක්‍ෂක තුව ාලබාදෙන බවට පවසා සිටිය අවස්ථාවේදී වත්මන් පාලකයින් එය සමච්චල් කිරීමට කටයුතු කළත් පසුව හෝ අප ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳව අවධානය යොමු කිරීම පිළිබඳව සතුටු වන බවද හෙතම පවසා සිටින ලදී.

එමෙන්ම මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවීරත්න මහත්මිය පවසා සිටියේ අද වන විට ආණ්ඩුව සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අධ්‍යයනය කරමින් එහි පවතින යෝජනාවන් ක්‍රියාත්මක කරමින් සිටින බවත් කෙසේ හෝ පාසල් දැරියන්ට නොමිලේ සනීපාරක්‍ෂක තුවා ලබාදීමට වැඩ පිළිවෙලක් ආරම්භ කිරීම පිළිබඳව සතුටු වන බවත් පවසන ලදි. මෙම මාධ්‍ය හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරළ මහත්මිය ද සහභාඟිවී සිටින ලදී.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට