සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුව ගජ මිතුරන් වෙනුවෙන් පමණක් කටයුතු කරමින් රටේ ජනතාව පීඩාවට පත්කරවා – තිස්ස අත්තනායක ..

Podu ආණ්ඩුවට හිතවත් පුද්ගලයින් කිහිපදෙනෙකුගේ ආදායම් මාර්ග ඉහළ දැමීම වෙනුවෙන් ආණ්ඩුව කටයුතු සිදුකරමින් සිටින බවත්, ජනතාව පීඩාවට පත් නොකිරීම පාලකයින්ගේ අරමුණ වියයුතු නමුත් එම තත්ත්වයන් සියල්ල පසෙකලා වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.පරිසරය සුරැකීමට කටයුතු කරන බවට ආණ්භාඩුව සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් සඳහන් කළද මේ වනවිට සිදුවෙමින් පවතින්නේ ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් බව ඒ මහතා පවසන ලදී.

හෙතෙම මේ බව ඊයේ (04) කොළඹ පිහිටි නිවසේ පැවති මාධ්‍ය හමුවකදී පවසන ලදී. එමෙන්ම කුරුණෑගල රාජ සභා මණ්ඩපය විනාශ කිරීමේ සිදුවීම සිය බලය තුළින් යටපත් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන ලද බවත්, කුරුණෑගල රජ පිහිල්ල උද්‍යානයේ තුළ පැවති ඓතිහාසික වටිනාකමෙන් ඉහළ විශාල ගස් විනාශ කිරීමට මෑතකදී කටයුතු කර ඇති බවත් පවසන ලදී.

ලොව රටවල් රැසක් කොරෝනා වසංගතයට එරෙහිව විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔස්සේ ඖෂධ ඇතුළු එන්නත් සොයාගැනීමට උත්සාහ කරමින් සිටින නමුත් මෙරට ආණ්ඩුව කොරෝනා වසංගතයට මුවාවී ඊට ප්‍රතිකාර සෙවීම පසෙකලා සංදර්ශන පවත්වමින් සිටින බවත්,  ආයුර්වේද වෛද්‍ය විද්‍යාව අගය කළයුතු නමුත් පැණියක් පෙන්වා වසංගතය පාලනය කිරීමට ආණ්ඩුව කිසිදු උත්සාහයක් නොගන්නා අතර රට තුළ පවතින ආයතන හරහා පැණිය පිළිබඳ නිශ්චිත තීරණයකට එළඹීමට කටයුතු නොකරන්නේ මන්දැයි ආණ්ඩුවෙන් විමසන බවද හෙතෙම පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට