සත්‍යයේ පුවත් අඩහැරය….

රාජ්‍ය ආයතන 05 ක් විගණනය කිරීමට කොප් කමිටුව සුදානමින් ..

Podu පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව මේ වසරේ ජනවාරි මාසය තුළ රාජ්‍ය ආයතන 05 ක විගණන කටයුතු පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.ඒ අතර මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ පොල් සංවර්ධන අධිකාරිය වන බව හෙතම පවසන ලදී. ජනවාරි මස 06,08,19,21 සහ 22 යන දිනයන්හි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව රැස්වීමට නියමිතව ඇත. ජනවාරි මස 06 වැනිදා ස්වාධීන රුපවාහිනි සේවයේ නිලධාරීන් කෝප් කමිටුවට කැඳවා ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවද සඳහන් වේ. ජනවාරි 08 වනදා මහපොළ ශිෂ්‍යත්වය අරමුදලේ ආයෝජන කළමනාකරණය පිළිබඳව විශේෂ විගණන වාර්තාව පරීක්ෂා කිරීමට නියමිත අතර ලබන 19 වනදා ශ්‍රී ලංකා ඛනිජ තෙල් ගබඩා කිරීම සහ බෙදාහැරීම පිළිබඳ විශේෂ විගණන වාර්තාව පරීක්ෂා කිරීමට නියමිතය. ජනවාරි 21 වනදා පොල් සංවර්ධන අධිකාරියේ සහ ජනවාරි 22 වනදා විදේශ රැකියා ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාව කෝප් කමිටුව හමුවේ සාකච්ඡා කිරීමට නියමිත බව අනාවරණය වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට