සත්‍යයේ පුවත් අඩහැරය….

විදේශ ගත ශ්‍රමීකයින්ගේ අයිතීන් වෙනුවෙන් කොළඹදී දැවැන්ත විරෝධතාවයක් – සමගි ජන බලවේගය ..

Podu රටට විශාල විදේශ විනිමයක් ලබාදෙන ප්‍රධාන කොටස් දෙකක් සිටින අතර ඉන් එක් කොටසක් වන්නේ විදේශ ගත ශ්‍රමීකයින් බවත් අද වන විට කොරෝනා වසංගතය හමුවේ එම ශ්‍රමීකයින්ට මෙරටට පැමිණීමට නොහැකිව දැඩි පීඩාවකට පත්ව ඇති අතර ඔවුන් පත්ව ඇති දුක අපට පවසා සිටියත් ඔවුන් වෙනුවෙන් පෙනිසිටිමට නොහැකි ලෙස ආණ්ඩුව කොරෝනා නීති පැනවීමට කටයුතු කර ඇති අතර එම නිසා විදේශ ගත ශ්‍රමීකයින් වෙනුවෙන් ඉදිරියේදී කොළඹ නගරයේදී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි. හෙතම මේ බව පවසා සිටියේ අද (05) පෙරවරුවේ විපක්ඒ‍ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

ඒ  මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ රටට විශාල විදේශ විනිමයක් ලබාදෙන අනෙක් කොටස වන්නේ මැද කදුකර වතු කම්කරු ජනතාව වන අතර එම කම්කරු ජනතාවගේ දෛනික වැටුප රුපියල් 1000/- ක්  බවට පත්කරන බවට ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට පෙර පොරොන්දුවක් ලබාදුන් අතර 2021 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය කථාවේදීද අගමැතිවරයා වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ දැමීමට කටයුතු කරන බවට පවසා සිටියත් ආණ්ඩුව අද වන විට වතු සමාගම් එම මුදල ලබාදීමට එකඟතාවය පල නොකරන බව පවසමින් එම පොරොන්දුව ඉටුනොකර තත්ත්වයට වැඩකටයුතු සිදුකරමින් සිටින බවද පවසන ලදි.

ආණ්ඩුව පොරොන්දු වු පරිදි වතු කම්කරු ජනතාවගේ වැටුප ඉහළ දැමීමට කටයුතු නොකරන්නේ නම් මෙම මස අවසන්වීමට දිවයින පුරා විරෝධතා ව්‍යාපාර දියත් කරන බවද මන්ත්‍රීවරයා පැවසීය.

එමෙන්ම මෙම මාධ්‍ය හමුවට එක්වී සිටි පාර්ලිමෙන්තු මන්ත්‍රී ෙජ්.සී. අලවතුවල මහතා පවසා සිටියේ යුක්රේන් සංචාරකයින් පිරිසක් පැමිණ ඇති බවත්, ඒ තුලින් නැවත රට තුළ “උදයංග පොකුර” නමින් නව කොරෝනා පොකුරක් නිර්මාණය වී ඇති අතර එම පොකුර තුලින් කොරෝනා ආසාදිතයින් 06 දෙනෙකු වාර්තා වී ඇති බවත්, යුරෝපය තුළ නව කොරෝනා වෛරස් ප්‍රභේද කිහිපයක් හදුනාගෙන ඇති බැවින් මෙම යුක්රේන් ජාතිකයින් නව ප්‍රෙභ්දයන් වලට අයත් පිරිසක්ද යන්න සැක සහිත වන අතර  එවැනි පොකුරක් ඇති වුවහොත් එය භයානක තත්ත්වයක් වන බවය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට