සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පොහොට්ටුව බලයට ගෙනඒමට කටයුතු කළ සංඝරත්නයම අද එයට විරුද්ධව පාරට බසී, එක්සත් ජාතික පක්ෂය…

Podu යුක්රේනය යනු ඉතාම දුප්පත් රටක් වන අතර එවැනි රටක පිරිසක් ‍මෙරටට ගෙන්වා බිඳවැටි ඇතැයි පැවසෙන මෙරට සංචාරක ව්‍යාපාරය නගාසිටුවන්නේ කෙලෙසද යන්න අද (05) දින එක්සත් ජාතික පක්ෂය මාධ්‍ය හමුවක් පවත්වමින් රජයෙන් විමසා ඇත. මෙම මාධ්‍ය හමුව සඳහා සමන් රත්නප්‍රිය මහතා සහභාගී වී ඇති අතර කොරෝනා වෛරසය වර්තමානය වන විට දිවයින පුර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම මර්ධනය කිරීම සඳහා මෙතෙක් බලධාරීන් සාර්ථක වැඩපිළිවෙලක් දියත් කිරීමට කටයුතු නොකර ඇති අතර එම වෛරස හදුනාගැනීම සඳහා සිදුකරන පී.සී.ආර්. සහ රැෆිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 1299000 ක් පමණක් සිදුකර ඇති බවත් මෙරට ආර්ථිකයට වඩා පහළ ආර්ථික මට්ටමක සිටින නේපාලය පී.සී.ආර්. පරීක්ෂණ ලක්ෂ 18 ක් පමණ සිදුකර ඇති බවට රත්නප්‍රිය මහතා අවධාරණය කරන ලදි.

අද වන විට කොළඹ ජාතික රෝහල සහ රත්නපුර රෝහල ඇතුළු රෝහල් කිහිපයකම සේවක මණ්ඩලය අතර කොරෝනා පොකුරු මතුවෙමින් පවතින අතර රත්නපුර රෝහලට වෙනත් රෝගීන් ඇතුලත් කරගැනීම පවා නතර කර ඇති බවද සදහන් කරන ලදි. කොරෝනා වෛරසය ආසාදිතවී ඇති රෝහල් සේවකයින් සමග කටයුතු කරන ලද අනෙකුත් රෝහල් සේවකයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණයන් සිදුකර නොමැති බවට තොරතුරු වාර්තා වන බවත්, මෙම තත්ත්වයන් පිළිබඳව සොයාබැලීම සඳහා පත්කල කමිටුවද නිසිලෙස කටයුතු නොකර බොරුව පමණක් සිදුකරමින් සිටින බවට හෙතෙම චෝදනා කරන ලදි.

කොරෝනා වසංගතය හමුවේ සංචාරක ව්‍යාපාරය බිඳවැටි ඇති බැවින් එය නැවත නගාසිටුවීම සඳහා යුක්රේන් ජාතිකයින් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ අතර එම පිරිස තුළද කොරෝනා ආසාදිතයින් හය දෙනෙකු වාර්තාවු බවත්, යුක්රේන් ජාතිකයින් මෙරටට ගෙන්වීම සිදුකර ඇත්තේ මිග් ගනුදෙනුව සම්බන්ධව චෝදනාවට ලක්ව සිටින ඇප මත නිදහස්ව සිටින උදයංග වීරතුංග යන අය බවත්, එම පිරිස මෙරටට පැමිණිම පිළිබඳව සංචාරක මණ්ඩලයේ සභාපතිනියද කිසිවක් නොදන්නා බවට පවසා ඇති බවට අවධාරණය කරන ලදි.

යහපාලන ආණ්ඩුව පසුගිය කාලය තුළ රටේ සම්පත් විකිණීමට කටයුතු කළ බවට චෝදනා කළත් වත්මන් ආණ්ඩුව මෙරට සම්පත් විදේශීකරණය කිරීමට කටයුතු කරමින් සිටින අතර එයට එරෙහිව අද වන විට ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කළ සංඝරත්නය මෙන්ම ජනතාවම විරෝධය දක්වන බවට ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට