පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩිවීමක්..
අද (09) රාත්‍රි කාලයේ සිට ඉදිරි දින කිහිපය තුළ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. මෙරටට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලය තුළ පවතින කැළඹිලි සහිත ස්වභාවය හේතුවෙන් මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. ඒ අනුව උතුර, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම සහ ඌව යන පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් සෙසු ප්‍රදේශ වල ස්ථාන කිහිපයක සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී වැසි ඇතිවීමේ වැඩි ඉඩක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.