සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විදෙස්ගත ශ්‍රමිකයින් ගෙන්වාගැනීමේ සැලැස්ම, සිය ගජ මිතුරන්ට වාසි සැලසෙන ලෙස සකස් කරන ලද්දක් – සමගි ජනබලවේගය

Podu දක්ෂ, පළපුරුදු රාජ්‍ය සේවකයින් සිටියදී එම පිරිස් වෙත ලබාදිය යුතු තනතුරු හමුදා නිලධාරීන්ට ලබාදීම නුසුදුසු ක්‍රියාවක් බවත් කළමණාකාරීත්වයෙන් වත්මන් රජය අසමත්භාවයට පත්ව ඇති අතර සුදුස්සාට සුදුසු තැන ලබානොදීමෙන් එවැනි තත්ත්වයක් උද්ගතව ඇති බවත් සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. ඊයේ (10) විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම අදහස් පළකල සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් පළකර සිටියේය.

ලොව ඕනෑම රටක පාර්ලිමේන්තුවක් තුළ එම ජනතා නියෝජිතයින්ට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් පවතිනවා. එහිදී බොහෝදුරට පවතින පාලනයට එරෙහිව අදහස් පළවන ආකාරය දැකගැනීමට හැකියි. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන කුළුණු තුනට නිදහසේ කටයුතු කිරීමට අවස්ථාවක් පැවතිය යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා තමන්ගේ මුල් නම භාවිතා කරමින් අදහස් පළකිරීම පිළිබඳ ජනාධිපතිවරයා අම්පාර ප්‍රදේශයේදී අදහස් දැක්වීමක් සිදුකර තිබෙනවා. එම සම්පූර්ණ අදහස් දැක්වීම මෙරට මාධ්‍ය තුළ පළවූයේ නෑ. හරීන් ප්‍රනාන්දු මහතාගේ මෙම අදහස් දැක්වීම පිළිබඳ ජනාධිපතිවරයා තුළ අසතුටක් පවතින බව පෙනීගියා. ඉහළ ප්‍රජාතන්ත්‍රවාදයෙන් යුතු රටක් වන ශ්‍රී ලංකාව තුළ බලයට පත්වූ ජනාධිපතිවරුන්ට සහ අග්‍රාමාත්‍යවරුන්ට තනි නම් හෝ විවිධ නම් භාවිතා කළ අවස්ථා රැසක් පැවති බව අප දන්නවා. ආරක්ෂක ලේකම් ධූරයේ කටයුතු කරන සමයේදී, ජනාධිපති ධූර සමයට වඩා හොඳින් කටයුතු කළේයැයි යමෙකු පවසා ඇති බවක්ද වාර්තා වනවා. එම තනතුරු දෙක එකිනෙකට වෙනස් බව තේරුම්ගත යුතුයි.

සිය ආරක්ෂාව පිළිබඳ කරුණු සඳහන් කරමින් හරීන් ප්‍රනාන්දු මහතා පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. හරීන් ප්‍රනාන්දු මහතාගේ නිදහස තහවුරු කරන ලෙස අප පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

වසර 12 කට පෙර ජනවාරි 08 වනදාවක ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාට මෙතෙක් කිසිදු සාධාරණයක් ඉටුවී නෑ. එම ඝාතන සිදුවීම සම්බන්ධයෙන් කිසිදු නීතිමය කටයුත්තක් ක්‍රියාත්මක නොවීම පිළිබඳ තමා ඇතුළු පැවති ආණ්ඩුවටද චෝදනා එල්ලවුනා. ඒ පිළිබඳ තමන් දැඩිව කණගාටු වනවා. ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය විසින් සිය පියාගේ ඝාතනය සම්බන්ධයෙන් ලිපියක් පවා යොමුකර තිබෙනවා. අධිකරණ ක්‍රමවේදයක් හරහා නිසිලෙස මෙරටට ගෙන්වා ගත් උදයංග වීරතුංග මහතා පසුව කිසිදු ගැටළුවකින් තොරව නිදහස් වූයේ යැයි එම ලිපියෙහි සඳහන් වනවා. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ පවුලේ සාමාජිකයින්ට කවදා හෝ සාධාරණයක් ඉටුවනු ඇතැයි තමන් බලාපොරොත්තු වනවා.

රාජ්‍ය සේවය තුළත් හමුදා සේවය තුළත් ඊට ආවේණික ක්‍රමවේදයක් පවතිනවා. මෙම කොටස් දෙකම රටට විශේෂිතයි. ඒ ඒ සේවයන් ඒ ඒ අංශ සඳහා පමණක් භාවිතා කළයුතුව තිබෙනවා. සිවිල් සේවය සඳහා හමුදාව හෝ හමුදා සේවය සඳහා සිවිල් සේවය භාවිතා නොකළයුතුයි. එවැන්නක් හරහා ඒකාධිපතිත්වයක් ඇතිවනවා. ලොව ඉතිහාසය දෙස අවධානය යොමුකළ විට ඉහත ක්‍රමවේදයේ අසමත්භාවයක් ඇතිව තිබෙන බව මනාව පෙනීයනවා. නිවැරදි පිරිස් නිවැරදි ස්ථානයට පත්කළ යුතුව ඇතත් එවැන්නක් සිදුවන්නේ නෑ.

කොරෝනා වසංගතය මර්දනය කිරීමෙන්ද ආණ්ඩුව අසමත්භාවයට පත්ව තිබෙනවා. නිසිලෙස අදාළ පරීක්‍ෂණ නොපැවැත්වුහොත් වසංගතය පිළිබඳ සත්‍යය තත්ත්වය අවබෝධ කරගත නොහැකියි. සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් සහ නායකත්වය තුළින් වසංගතය මර්දනය කිරීමේ කටයුතු සිදුකළ යුතුයි. හමුදාව සහ පොලිසිය කෙරෙහි පවතින ගෞරවය ආරක්ෂා කළයුතුයි. අනෙකුත් අංශවල ගෞරවයද නිසිලෙස ආරක්ෂාළ කරගනිමින් සියළු කටයුතු සිදුකළ යුතුයි.

විදෙස්ගත මෙරට ශ්‍රමිකයින්, රටවිරුවන් ලෙස හඳුන්වාදෙමින් බලයට පත්වූ පත්වූ වත්මන් ආණ්ඩුව, කොරෝනා වසංගතය හමුවේ දැඩි පීඩාවකට පත්ව සිටින එම ශ්‍රමිකයින් පිළිබඳ නිසි අවධානයක් යොමුකර නෑ. රටේ ආර්ථිකය ශක්තිමත් කළ එම ශ්‍රමිකයින් දෙවන පෙළේ පුරවැසියන් ලෙස නොසලකා මෙරටට ගෙන්වීමට කටයුතු කළයුතුව ඇති නමුත් ඔවුන් මෙරටට ගෙන්වාගැනීමේ සැලැස්ම, සිය ගජ මිතුරන්ට වාසි සැලසෙන ලෙස සකස් කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබෙනවා.

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා යැයි පවසමින් මෙරට ඒක පුද්ගල ආදායමටත් වඩා අඩු ඒක පුද්ගල ආදායමක් සහිත යුක්රේනයේ සංචාරකයින් පිරිසක් මෙරටට ගෙන්වීමට ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. ඒ අනුව කොරෝනා ආසාදිත පිරිසක්ද මෙරටට පැමිණ තිබෙනවා. මෙමඟින් මෙරට සංචාරක කර්මාන්තයේ නියැළී සිටින පිරිස් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා. මුළු යුක්රේනයම වසා දැමීමට එරට බලධාරීන් කටයුතු කරලා. නමුත් එරට පිරිසක් ශ්‍රී ලංකාවේ නිදහසේ සැරිසරමින් සිටිනවා. ‍

ජනතාව එකමුතු කිරීම සහ රටේ ආරක්ෂාව තහවුරු කිරීම රාජ්‍ය නායකයාගේ වගකීමයි. එම කාර්යයන් නිසි පරිදි සිදුනොවුනහොත් එම රටට අනාගතයක් නෑ. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා කරමින් පුද්ගලයින් තිදෙනකු සිය අධිකරණයට ඉදිරිපත් කිරීමට ඇමෙරිකාව කටයුතු කර ඇතැයි වාර්තා වනවා. එය ලැජ්ජා සහගත තත්ත්වයක්.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය රජය වගකිව යුතු බව මෙන්ම එම ප්‍රහාරය පිළිබඳ නිසි ලෙස විමර්ශනය කර වගකිවයුතු පිරිස් අත්අඩංගුවට ගන්නා බව පවසමින් බලයට පත්වූ වත්මන් ආණ්ඩුව මෙතෙක් එවැන්නක් සිදුකර නෑ. අදාළ පිරිස් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට යොමුකර නිසි දඬුවම් ලබාදෙන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට