ප්‍රදේශ කිහිපයකට අදත් වැසි..
අද (12) දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවීමේ වැඩි ඉඩක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව උතුර, නැගෙනහිර, උතුරු මැද, ඌව සහ මධ්‍යම පළාත්වල ස්ථාන කිහිපයකටම වැසි ඇති විය හැකි යැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශ ආශ්‍රිතවද දහවල් කාලයේදී තරමක් තද වැසි බලාපොරොත්තු වියහැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි.