සත්‍යයේ පුවත් අඩහැරය….

අම්පාරේදී ජනාධිපතිවරයා දැක්වූ අදහස් රටේ කීර්ති නාමයට විශාල හානියක්, ප්‍රචණ්ඩත්වය හා ජීවිත තර්ජන අප අනුමත කරන්නේ නෑ – කරූ ජයසූරිය

Podu රටේ රාජ්‍ය නායකයාගේ හැසිරීම්, ඉරියව් මෙන්ම ප්‍රකාශයන් ඇතුළු ක්‍රියාදාමයන් දෙස මහජන අවධානයට යොමුවීම වැළැක්විය නොහැකි බවත් මෙම සත්‍යය රාජ්‍ය නායකයින් විසින් තේරුම්ගත යුතුව තිබෙන බවත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක, දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි. මේ වනවිට සමාජයේ යම් අවධානයකට ලක්ව තිබෙන ජනාධිපතිවරයා පසුගිය දිනෙක විසින් අම්පාර, උහන ප්‍රදේශයේ දී සිදුකරන ලද අදහස් දැක්වීමක් සම්බන්ධයෙන් කරූ ජයසූරිය මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක ඉහත අදහස් සඳහන් කර ඇත.

අදාළ නිවේදනය පහත දක්වා ඇත.

2021.01.09 දින අතිගරු ජනාධිපතිතුමන් විසින් අම්පාර උහන ප්‍රදේශයේ දී කළ කතාව විවිධ පැතිකඩ වලින් අවධානයට ලක්ව ඇති බව පෙනේ. ටේ රාජ්‍ය නායකයාගේ කතාබහ, ගමන්බිමන්, ඉරියව් මෙන්ම එතුමා විසින් කෙරෙන සෑම ප්‍රකාශයන් හා ක්‍රියාදාමයන් මහජන අවධානයට යොමු වීම නොවැළැක්විය හැකිය. රටේ නායකයන් මේ සත්‍යය වටහාගත යුතුය. අප වෙත ලැබුණු වාර්තා හා විස්තර අනුව මෙය තර්ජනයක් වශයෙන් බොහෝ දෙනෙකු සලකන අතර ප්‍රභාකරන්ගේ ඝාතනය ගැන සඳහන් කරන හේතුවෙන් එය මරණීය තර්ජනයක් වශයෙන් ද හැඳින්වීමට පටන්ගෙන තිබේ.

ඇතැම් ස්වාමින් වහන්සේලා විසින් එතුමාට ජනාධිපති මෙන් නොව හිටපු ආරක්ෂක ලේකම් ලෙස ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටින බව සඳහන් වී ඇති හෙයින් ඒ කරුණ ගැන සමාජයේ හා සංඝරත්නය තුළ විශාල ආන්දෝලනයක් ඇති වී තිබීම ගැන අපි අතිශය කණගාටුවට පත්වීමු. බෞද්ධ භික්ෂුන් වහන්සේනමක් විසින් කිසි දිනක ප්‍රාණඝාතය අනුමත නොකරන බැවින් කිසි විටෙකත් උන්වහන්සේලා තුළ එවැනි සිතිවිල්ලක් ඇති නොවුනු බව අපගේ දැඩි විශ්වාසයයි. මෙම සිද්ධිය නිසා රටේ කීර්ති නාමයට විශාල හානියක් සිදුව තිබේ.

මීට අමතරව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාද තම ජීවිතය ආරක්ෂා කරදෙන ලෙස පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇති බවට වාර්තා වී ඇත. ඒ පිළිබඳවද රජයේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ පූර්ණ අවධානය යොමුවිය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය රජයන සමාජයක ප්‍රචණ්ඩත්වයට හා ජීවිත තර්ජන අපි කිසිසේත් අනුමත නොකරමු. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට හෝ ඕනෑම මහජන නියෝජිතයකුට මරණ තර්ජන කරමින් බිය ගැන්වීම ශීලාචාර සමාජය විසින් ප්‍රතික්ෂේප කරනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට