සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආණ්ඩුව අතීතය අමතක කර ඇතැම් ව්‍යාපෘති විවෘත කරමින් සිටිනවා – සමගි ජන බලවේගය

Podu පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රානාන්දු මහතා වසින් සිදුකළ අදහස් දැක්වීමක් පිළිබඳ ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද අදහස් දැක්වීම තුළ තර්ජනාත්මක භාවය පමණක් නොව බියගැන්වීමද ඇතුළත්ව තිබු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අවධාරණය කර සිටියි. ඊයේ (16) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මෙම අදහස් පළ කළ නලින් බණ්ඩාර මහතා එහිදී පහත පරිදි තවදුරටත් සිය අදහස් දක්වා සිටියේය.

හරීන් ප්‍රනාන්දු මහතා වැරදි කාරණාවක් පිළිබඳව අදහස් දැක්වීමක් සිදුකළේ නෑ. රටේ සැබෑ තත්ත්වය පිළිබඳවයි එතුමා අදහස් දැක්වූයේ. එම ප්‍රකාශයට අදාළව නිසි ප්‍රතිචාරයක් දැක්වීමට කටයුතු කරනවා වෙනුවට ජනාධිපතිවරයා තර්ජනාත්මක ලෙස සිය ප්‍රතිචාරය දැක්වීම කණගාටුදායකයි. ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේදී සිදුවු සිදුවීම් ගැන ජනතාවට අමතක වෙලා නෑ. තමන්ට චරිත දෙකක් ඇතැයි පැවසීම තුළින් ජනාධිපති ලෙස කටයුතු කරනවා වෙනුවට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේදී කටයුතු කළ ආකාරයට යළි කටයුතු සිදුකරනු ඇති බවට යම් ඉඟියක් ලබාදීම තමයි ජනාධිපතිවරයා සිදුකළේ. එය එතරම් හොඳ තත්ත්වයක් නොවෙයි.

යුද්ධය අවසන් කිරීමේ ගෞරවය හිමිවිය යුත්තේ එවකට හමුදාපතිවරයා ලෙස කටයුතු කළ සරත් ෆොන්සේකා මහතා ඇතුළු ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත්. නමුත් අද එහි සම්පුර්ණ ගෞරවය රාජපක්ෂවරුන් හිමිකරගෙන ඉන්නවා. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධව නිහඬව කටයුතු නොකර විරෝධතා පැවැත්වීමටත් ජනතා හඬ අවධි කිරීමටත් අප කටයුතු කරනවා.

ජනාධිපතිවරයා ප්‍රජාතන්‍ත්‍රවාදයටත් මානව හිමිකම් වලටත් ගරු කරන නායකයෙකු ලෙස කටයුතු කළ යුතුයි. පසුගියදා දකුණු ආසියවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව විවෘත කළා. ජනාධිපතිවරයා ඇතුළු වත්මන් ආණ්ඩුව මෙම ව්‍යාපෘතියේ අතීතය අමතක කිරීම දැඩි කණගාටුවක්. 2016 වසරේදී තමයි මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ.

පසුගිය ආණ්ඩු සමයේදී ටයර් කර්මාන්ත ශාලා ව්‍යාපෘතිය සමච්චලයට ලක්කළ රෝහිත අබේගුණවර්ධන සහ විමල් වීරවංශ යන මහත්වරුන් කිසිදු ලැජ්ජාවක් තොරව එම කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ උත්සවයට සහභාගි වුනා. යහපාලන ආණ්ඩු සමයේදී රටට විශාල සෘජු ආයෝජන රාශියක් ගෙනදීමට හැකිවුනා. පසුගිය ආණ්ඩුවට විශාල ලෙස මඩ ප්‍රහාර එල්ල කළා වෙස්ටන් ඔටෝ මොබයිල් කර්මාන්ත ශාලා ව්‍යාපෘතිය හරහා. දැන් එම ව්‍යාපෘතියේද වැඩ අවසන් වෙමින් පවතිනවා. අතීතය අමතක නොකර එම කර්මාන්ත ශාලාව හෝ විවෘත කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අධිකරණයට අපහාස කිරීමේ වරදට බරපතල වැඩ සහිත වසර 04 ක සිරදඩුවමක් ලබාදුන්නා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු සිදුකරමින් සිටිනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අධිකරණයට අපහාස කළ වරදට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි වීම පිළිබඳව යම් ගැටළුවක් පවතිනවා.

රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධූරය ආරක්ෂා කිරීම සඳහා අප කැපවී කටයුතු කරනවා. ඒ අනුව පාර්ලිමේන්තුව ආරම්භ වීමත් සමග කථානායකවරයා හමුවී රන්ජන් රාමනායක මහතාව පාර්ලිමේන්තුවට කැඳවීමට අවශ්‍ය ඉඩකඩ සලසා දෙන්නැයි අප ඉල්ලා සිටිනවා.

කොරෝනා වෛරසය මර්ධනය කිරීමට ජනතාවට ලබාදිය යුතු එන්නත මෙරටට ගෙන්වා ගැනීමට කඩිනමින් කටයුතු කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ මීට කාලයකට පෙර සිටයි. රජය එම ඉල්ලීම පිළිබඳ යම් අවධානයක් යොමු කළේ නම් මේ වනවිට එම එන්නත මෙරටට ගෙන ඒමට තිබුනා. එන්නත මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳ අපට පවතින්නේ පැහැදිලි සැකයක්.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට