සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද රැස්වේ..

Podu කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (18) පෙරවරු 09.30 ට රැස්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. හෙට (19) දිනයෙන් ඇරඹෙන පාර්ලිමේන්තු සතියට අදාළ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙසේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද රැස්වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහභාගීවීමටද නියමිතව ඇති බවද වාර්තා වේ. පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී 943 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂාවට ලක්කර ඇති බවත් එහිදී පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයට සහ අනෙකුත් කාර්යාංශවලට අයත් 05 දෙනෙකු, ආරක්ෂක අංශයේ එක් අයෙකු, පාර්ලිමේන්තුවෙන් පිටත ආරක්ෂාව වෙනුවෙන් අනුයුක්ත කර තිබූ 03 දෙනෙකු ද වශයෙන් 09 දෙනෙකු හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට