සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සමගි ජන බලවේගයේ විරෝධතාවයට එරෙහිව බුත්තල පොලිස්ථාධිපතිවරයාගේ ක්‍රියාමාර්ගයට විරෝධය පළකරනවා – සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය

Podu සමගි ජන බලවේගය විසින් බුත්තල නගරයේදී සංවිධානය කර තිබූ විරෝධතාවයකට එරෙහිව බුත්තල පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සිය බලවත් විරෝධය පළකරන බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. එම සංවිධානයේ ප්‍රධාන ලේකම් පාලිත ලිහිණියකුමාර මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක මේ බව සඳහන් කර ඇත.

අදාළ විරෝධතාවයට එරෙහිව බුත්තල පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග, එක රටක් එක නීතියක් යන ආණ්ඩුව පෙනී සිටින ප්‍රමුඛ මූලධර්මයට හිතාමතාම පිටුපා යාමක් ලෙස හැඳින්විය හැකි බවද අදාළ නිවේදනය තුළ වැඩිදුරටත් සඳහන් කර ඇත.

අදාළ නිවේදනය පහත පරිදි වේ.

ශ්‍රී ලාංකීය ජනතාවගේ අදහස් පළ කිරීමේ අයිතිය ද ඇතුලු භාෂණයේ නිදහසට එල්ල වන මර්දනයට විරෝධය පළ කිරීම සදහා සමගි ජන බලවේගය විසින් බුත්තල නගරයේදී සංවිධානය කරතිබූ විරෝධතාවයකට එරෙහිව බුත්තල පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් ගෙනඇති ක්‍රියාමාර්ග පිළිබදව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය බලවත් විරෝධය පල කරන්නෙමු. එහිදී බුත්තල පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවට ගොස් අදාළ විරෝධතාවයට එරෙහිව වාරණ නියෝගයක් ගැනීමට කටයුතු කරතිබීම අප සලකන්නේ එක රටක් එක නීතියක් යන ආණ්ඩුව පෙනී සිටින ප්‍රමුඛ මූලධර්මයට හිතාමතාම පිටුපා යාමක් ලෙසය. එමෙන්ම බුත්තල ප්‍රදේශයේ ජනතාවට පමණක් වෙනස් ආකාරයකට ක්‍රියා කිරීමට චේතනාන්විතව කටයුතු කිරීමක් ලෙසය.

අදහස් පල කිරීමේ අයිතියද ඇතුලත් භාෂණයේ නිදහස මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවස්ථා ගණනාවකදීම තහවුරු කරඇති ජනතාවගේ අයිතියකි. විශ්ව මානව අයිතියකි. එම අයිතිය අභ්‍යාස කරමින් පසුගිය දිනවල සමගි ජන බලවේගය විසින් සංවිධානය කරතිබූ විරෝධතා ව්‍යාපාර ගණනාවක්ම විය. කොළඹ, නාත්තන්ඩිය, හැදල, මාතර, දික්වැල්ල හා දෙවිනුවර යන ස්ථානවල එම විරෝධතාවයන් බාධාවකින් තොරව පැවැත්විණ. එහෙත් එම කිසිදු අවස්ථාවකදී පොලීසිය අධිකරණය හමුවට ගොස් වාරණ නියෝග ලබාගැනීමට කටයුතු කර නොතිබිණි. මෙම තත්වය තුළ බුත්තල පොලීසියේ ස්ථානාධිපතිවරයා පමණක් වෙනස් ආකාරයට ක්‍රියාකර තිබීමෙන් පෙනී යන්නේ එක්තරා අන්දමකට ඔහු ආණ්ඩු විරෝධී මතදැරීම නොරුස්සනා අයෙක් වන බවය. අනෙක් අතට රටේ අනෙකුත් ප්‍රදේශවලට බලනොපෑ තත්වයක් එම පොලිස් බල ප්‍රදේශයට පමණක් අදාළ කරගනිමින් අධිකරණය ද නොමග යවා මහජන අයිතියත් කඩ කරන ලද රාජ්‍ය නිළධාරියෙකු ලෙසය.

එබැවින් බුත්තල පොලිස් ස්ථානාධිපතිවරයා ගෙනඇති මෙම අයුතු ක්‍රියාමාර්ගය පිළිබදව වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස අප සංවිධානය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින අතර, රටේ ජනතාවගේ අයිතිවාසිකම් මේ ආකාරයට උල්ලංඝණය කිරීමට කිසිවෙකුට ඉඩක් ලබානොදෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් ද ඉල්ලා සිටින්නෙමු.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට