සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආර්ථිකය යහපත් යැයි පෙන්වීමට ආණ්ඩුව කොතෙක් උත්සාහ කළද මෙරට ආර්ථිකය කඩා වැටී අවසන් – පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න

Podu මෙරට ආර්ථිකය යහපත් තත්ත්වයක පවතින බව පෙන්වීමට ආණ්ඩුව කුමන කටයුත්තක් සිදුකළද සත්‍යය එය නොවන බවත් මේ වනවිට මෙරට විශාල පිරිසකට රැකියා අහිමිව ගොස් තිබෙන අතර තවත් විශාල පිරිසකගේ ආදායම් පහළ ගොස් තිබෙන බවත් ආර්ථිකයේ දැඩිව කඩාවැටී ඇති බව නොරහසක් බවත් සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. ඊයේ (17) කොළඹ, විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එරාන් වික්‍රමරත්න මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර එහිදී ඒ මහතා පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් දක්වා සිටියේය.

මෙරට ආර්ථිකය සහ මූල්‍ය තත්ත්වය පිළිබඳ එක් එක් පිරිස් විසින් විවිධ අදහස් පළකරමින් සිටිනවා. පණිවිඩය තරම්ම පණිවිඩකරුත් වැදගත් බැවින් එසේ අදහස් පළකරන පණිවිඩකරු පිළිබඳවද නිසි අවධානයක් යොමුකළ යුතුයි. ආර්ථිකය පිළිබඳ කිසිදු බියක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් මෙරටට විදෙස් සහාය අනවශ්‍ය බවත් පවසමින් යුද්ධය අවසන් වීමෙන් පසු 2011 සහ 2012 සමයේදී මෙරට ආර්ථිකය පිළිබඳ එවකට සිටි මහබැංකු අධිපතිවරයා අදහස් පළකලා. එසේ පවසා මාස 08 කට පමණ පසු එක්වරම ගිවිසුමකට එළඹ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ දණ ගසා අවශ්‍ය ආධාර ලබාගැනීමට එවක ආණ්ඩුව කටයුතු කළා.

2011, 2012 සහ 2013 යන කාලය තුළ සිදූවූ දේට සමාන දෙයක් මේ වනවිට සිදුවෙමින් පවතින පැවසිය හැකියි. ටයර් කර්මාන්ත ශාලාව විවෘත කිරීම පිළිබඳ සතුටට පත්වනවා. ඊට සුභ පතන නමුත් එය යහපාලන ආණ්ඩුව ලබාගත් ආයෝජනයක්. ආර්ථිකය පිළිබඳ ආණ්ඩුව කුමක් පැවසුවත් 2020 සිට පිළිගත හැකි කිසිදු අයෝජනයක් මෙරටට ලැබී නෑ.

කොළඹ කොටස් වෙළඳපොළ තුළ මුදල් ආයෝජනය කරන්නැයි සමාජ ඡාලා ඇතුළු යම් යම් ක්‍රම මඟින් මෙරට පිරිස් දැනුවත් කරමින් තිබෙනවා. දැනුවත්ව එම අයෝජන සිදුකිරීම ගැටළුක් නෑ. නමුත් නොදැනුවත්ව එසේ මුදල් යොමුකිරීම දැඩි අනතුරුදායක තත්ත්වයක්. ගැසිල්ල සහ ඉවතදැමීම යන තත්ත්වයන් හේතුවෙන් 2011, 2012 සහ 2013 යන වසරවලදී කොටස් වෙළඳපොළ තුළ සිල්ලරව ගනුදෙනු සිදුකළ පිරිස පාඩු ලැබුවා. සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් භාවිතා කර කොටස් වැඩිමිලට අලෙවි කිරීම තුළින් මුලින් අඩු මුදලට කොටස් ලබාගත්, රජයේ පාර්ශව සමඟ කටයුතු කළ සමාගම විශාල ලාභයක් ලැබුවා. සේවක අර්ථ සාධක අරමුදලට විශාල අලාභයක් සිදුවුනා එම නිසා. මේ වනවිට ඉහත ආකාරයේම සිදුවීමක් සිදුවෙමින් තිබෙන බව පැවසිය හැකියි.

නව ආයෝජකයින් 10000 ක පමණ පිරිසක් සිල්ලර ක්‍රමවේදය යටතේ කොටස් වෙළඳපොළ සමඟ එක්ව ඇතැයි මාධ්‍ය තුළ ප්‍රසිද්ධ කරමින් පම්පෝරි ගැසීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. කොටස් වෙළඳපොළ තුළ වඩා වැදගත් වන්නේ අයෝජකයිනුයි.

2020 වසරේදී පමණක් රුපියල් කෝටි 5100 ක විදෙස් ආයෝජන ප්‍රමාණයක් මෙරටින් පිටතට ගොස් තිබෙනවා. මෙරට ආයෝජකයින්ට ස්ථානයක් ලැබෙන බැවින් මෙය යහපත් තත්ත්වයකැයි ඇතැමුන් පැවසුවත් එය කෙටි කාලීන තත්ත්වයක් පමණක් බව පැවසිය හැකියි. 2019 වසරේදී 20% ක් වූ විදෙස් ආයෝජන ප්‍රමාණය, 2020 වසරේදී 3% ක් බවට පත්ව ඇති අතර මෙය ඉතා ප්‍රවේශමෙන් අවධානය යොමුකළ යුතු තත්ත්වයක්. කොටස් වෙළඳපොළ ගනුදෙනු යනු ඉක්මනින් මුදල් සෙවීමේ සූදුවක් නොවෙයි. යම් පිරිසකගේ අදහස් වලට ඇහුම්කන් දීමෙන් පමණක් මෙම කටයුතු නොකළ යුතුයි.

2011, 2012 සහ 2013 යන කාලය තුළ කොටස් වෙළඳපොළ තුළ විශාල වංචාවක් සිදුවුනා. මහබැංකුවේ මුදල් මණ්ඩලය විසින් ඒ සම්බන්ධයෙන් විගණනයක් සිදුකළ යුතුයැයි 2019 දී පැවසුවා. ඒ අනුව ජාත්‍යන්තරව පිළිගත් විගණන සමාගම් කිහිපයක් විසින් සිදුකළ විගණනය මඟින් විශාල වාර්තා 05 ක් ඉදිරිපත් වුනා. 2002 සිට ගැටළු පැවති බැඳුම්කර ගනුදෙනු පිළිබඳවත් මෙම වාර්තා තුළ කරුණු සඳහන් වුනා.

එහි තුන්වන වාර්තාවේ කොටස් වෙළඳපොලෙහි ගනුදෙනු හරහා සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් තුළින් ලාභ සහ අලාභ ලැබූ පිරිස්, වගකිවයුතු නිලධාරීන් කවුරුන්ද යනාදී තොරතුරු සඳහන්ව තිබෙනවා. එම වාර්තා තුළ සඳහන්ව තිබෙන ඇතැම් දේ මේ වනවිට සිදුවෙමින් තිබෙනවා.

එවකට හිටපු මහබැංකු අධිපතිවරයා සහ මුදල් මණ්ඩලය විසින් ආයෝජන සම්බන්ධයෙන් ගන්නා ලද තීරණ පිළිබඳවත් එම වාර්තා තුළ කරුණු සඳහන්. ජනතා බදු මුදල් පිළිබඳ විගණනය කරන බැවින් යම් විගණනයක් සඳහා පැමිණෙන්නැයි දැන්වූ විට ඒ සඳහා පැමිණිය යුතුමයි. ඉහළ තනතුරුවල කටයුතු කරන පිරිස් විගණනයේ ඇති වැදගත්කම දැනගත යුතුයි. එය හිටපු මහබැංකු අධිපතිවරයා නොදන්නේ නම් ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමුකළයුතුව තිබෙනවා. 2011, 2012 සහ 2013 යන කාලයේදී එවක ආණ්ඩුව සේවක අර්ථ සාධක අරමුදලෙන් ගසා කා තිබෙනවා. එය මෙරට වැඩකරන ජනතාවට කරන ලද විශාල වරදක්.

ආණ්ඩුවේ කටයුතු වලට එරෙහිව ක්‍රියාත්මක වියහැකි එකම පක්ෂය වන සමගි ජන බලවේගයට ඡන්දය ලබාදුන්නේ පොහොට්ටුවේ පිරිස් නොව එක්සත් ජාතික පාක්ෂිකකයිනුයි. වත්මන් ආණ්ඩුවට පසුව ආණ්ඩුවක් පිහිටුවන්නේ සමගි ජන බලවේගය විසින් යැයි ජනතාව පවසමින් සිටිනවා.

සමගි ජන බලවේගය යනු පැරණි එක්සත් ජාතික පක්ෂය නොව පොදු අනාගතයක් උදෙසා නව ගමනක නිරතව සිටින නව පක්ෂයක්. එම නව ගමන හේතුවෙන් තමයි ආණ්ඩුව අප වෙත පහර එල්ලකරමින් සිටින්නේ. මේ වන විට අප ඡන්ද පොළ මට්ටමින් සංවිධානගතව සිටිනවා. සමගි ජන බලවේගය සිවිල් සමාජය සමඟ එක්ව, කිසිදු සැලැස්මක් නොමැති වත්මන් ආණ්ඩුවට එරෙහිව කටයුතු කරනවා. මාරු වියයුත්තේ සැලැස්ම නොව කණ්ඩායමයි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව විමසිය යුත්තේ ජනාධිපතිවරයාගෙන්. අදාළ ගිවිසුම දෙස අවධානය යොමුකළ යුතු තත්ත්වයක් මෙය. කිසිදු භුමියක් විදේශයකට අලෙවි නොකරන බව පැවසූ ආණ්ඩුව ගාලු මුවදොර පිහිටි හමුදා මූලස්ථානය පවා සින්නක්කරව චීන සමාගමකට විකුණා දැමූවා.

මෙරට මධ්‍යම පාන්තික දරුවන් මෙරට තුළම රඳවා ගතහැකි වාතාවරණයක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි. යහපාලන ආණ්ඩුව සමයේදී නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවීම පිළිබද දැඩිව කණගාටු වනවා.

මිග් ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙරටට ගෙන්වා ගන්නා ලද උදයංග වීරතුංග මහතා පවා මේ වනවිට නිදහසේ කටයුතු කරමින් සිටිනවා.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට