සත්‍යයේ පුවත් අඩහැරය….

නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ කිසිදු අදහසක්ම නැහැ, අරුණ පුවත්ටපතෙහි ප්‍රවෘත්තිය වැරදි සහගතයි – සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය

Podu පසුගිය 17 වනදා අරුණ පුවත් පතෙහි පළවූ ප්‍රවෘත්තියක් මඟින් සිය සංවිධානය නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට සූදානම් වන බවත් ගම්‍ය වුවද එවැන්නක් පිළිබඳ කිසිසේත්ම අදහස් නොකරන බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. අදාළ පුවත පළකිරීම සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් පාලිත ලිහිණයකුමාර මහතා විසින් අරුණ පුවත්පතෙහි ප්‍රධාන කතෘ මහින්ද ඉලේපෙරුම මහතා වෙත ලිපියක්ද යොමුකර ඇත.

අදාළ ලිපිය පහතින් පළකර තිබේ.

හිතවත් ප්‍රධාන කර්තෘතුමණි,

“රවී, නවීන්, අර්ජුන, කරූගේ සාධාරණ සමාජයට පණ දෙන්න යති” පුවත පිළිබඳවයි. පසුගිය 17 වනදින ඉහත ශීර්ෂ පාඨයෙන් යුක්තව ඔබ පුවත්පතේ පළවී තිබෙන පුවත නිවැරදි නොවේ. අදාළ පුවතෙහි සදහන්ව ඇති ආකාරයට නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය කිසිසේත්ම අදහස් කරන්නේ නැත.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මේ රටේ ජන ජීවිතයේ යුක්තිගරුකභාවය සඳහා මෙන්ම, සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පෙනී සිටින හා ඒ වෙනුවෙන් විවෘතව ක්‍රියා කරන සිවිල් සංවිධානයකි. එබැවින් අප සංවිධානය කිසිදු අවස්ථාවකදී මේ රටේ දේශපාලන බලය වෙනුවෙන් පෙනී සිට නොමැති අතර, එම ප්‍රතිපත්තිය ඉදිරියටත් ඒ ආකාරයටම යාවත්කාලීන වනු ඇත. එබැවින් දේශපාලන ව්‍යාපාරයක් ලෙස ගොඩනැගීමේ කිසිදු අවශ්‍යතාවයක් අප සංවිධානයට නැත.

එබැවින් මේ පිළිබදව ඔබතුමාගේ කාරුණික අවධානය යොමුකර මෙම තතු පැහැදිලි කිරීම සඳහා නොපමාව ඔබ පුවත්පත මඟින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරමු.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට