සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

භාෂණයේ නිදහස භීෂණයේ උදහසින් යටපත් නොකරන්නැයි වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර

Podu භාෂණයේ නිදහස, භීෂණයේ උදහසින් යටපත් නොකරන්නැයි කුසගින්නේ පසුවන ජනතාවගේ ශාපයට ලක්ව සිටින බලය වෙනුවෙන් පමණක් කටයුතු කරන සියල්ලන්ගෙන් අසමත්ව ඇති වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. ඊයේ (18) විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී ඒ මහතා පහත පරිදි මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් පළකර සිටියේය.

හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශය උදහසට ලක්කරමින් ජනාධිපතිවරයා සිදුකළ තර්ජනකාරී ප්‍රකාශය අපි දැඩිව හෙළා දකිනවා. කවුරුන් විසින් හෝ ආණ්ඩුව විවේචනය කිරීම හෝ ආණ්ඩුව සම්බන්ධයෙන් ගැටළු ඉදිරිපත් කිරීම ඉවසිය නොහැකි, චරිත දෙකක් සහිත රාජ්‍ය නායකයෙකු යැයි ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ පෙන්වාදී තිබෙනවා.

මෙරට වයස අවුරුදු 18 ට වැඩි පිරිස් සඳහා මිලිටරි පුහුණුවක් ලබාදිය යුතුයැයි පොලිසිය භාර අමාත්‍යවරයා විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. තමන් අසමත් වනවිට ඊට එරෙහිව ජනතාව තුළින් මතුවන විරෝධතා සහ උද්ඝෝෂණ හමුදාව යොදවා හෝ මැඩපවත්වා තමන්ට අවශ්‍ය ලෙස රටත් ජනතාවත් පාලනය කරමින් රට මිලිටරිකරණය කිරීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බව මේ අනුව ගම්‍ය වනවා. මෙරට වයස අවුරුදු 18 ට වැඩි පිරිස් සඳහා නායකත්වය පුහුණුවක් ලබාදීම අවශ්‍ය නම් ලබාදිය යුත්තේ හමුදා නායකත්ව ගුණාංග නොවෙයි. හමුදා නායකත්වය පිළිබඳ පුහුණුවක් ලබාදීම, රට පුරා මිලිටරිකරණ මානසිකත්වයක් ඇති කිරීමක්.

යුක්රේන සංචාරකයින් විසින් ගෙන ආ කොරෝනා වෛරසය දළදා මාලිගාවේ සේවය කළ පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසකට ආසාදනයවී තිබෙනවා. කොරෝනා වසංගතය ගෝලීය තත්ත්වයක් වුවද ජන ගහණයට සාපේක්ෂව මෙරට සිදුව ඇති මරණ සංඛ්‍යාව ඉතා ඉහළයි. මෙරට පවතින කාලගුණය, දේශගුණය මෙන්ම පිහිටීම අනුවද වසංගතය ව්‍යාප්තවීම වළක්වා ගත හැකිව තිබුනා.

වසංගතය මර්දනයට අවශ්‍ය පියවර ගන්නැයි පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීම් කළවිට ආණ්ඩුව එය හාස්‍යයට ලක්කළා. පාස්කු ප්‍රහාරයෙන් 260 ක් මියගිය නමුත් කොරෝනා වසංගතයෙන් එතරම් පිරිසක් මියගොස් නැතැයි පවසමින් වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් යහපාලන ආණ්ඩුවට චෝදනා කළා. නමුත් අද වනවිට උද්ගතව තිබෙන තත්ත්වය හමුවේ සෞඛ්‍ය අමාත්‍යවරිය ඉල්ලා අස්විය යුතුව තිබෙනවා.

මහබැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව අවසන් වනතෙක් එම ගනුදෙනුවට සම්බන්ධ මුදල් ආරක්ෂා සහිතව තබාගෙන සිටින බව පැවසිය හැකියි. සීනි සඳහා වන බදු පහළ දැමීමෙන් රුපියල් බිලියන 10 කට වැඩි මුදලක් ආණ්ඩුවේ හිතවතුන් උපයාගෙන තිබෙනවා. අදාළ ගැසට් පත්‍රය යළි දීර්ඝ කර එම වංචාව අඛණ්ඩව සිදුකර ගෙන යාමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බවක් පෙනීයනවා. සීනි සඳහා වන බදු පහළ දමා මැතිවරණයේදී තමන්ට උපකාර කළ හිතවත් ව්‍යාපාරිකයින් හට විශාල මුදලක් ලබාගැනීමට ආණ්ඩුව අවස්ථාව සලසා දී තිබෙනවා. මහබැංකු බැඳුම්කර වංචාවටත් වඩා විශාල සොරකමක් මේ වනවිට මෙම තත්ත්වය හරහා සිදුකරලා.

ගැටළු විසඳීම සඳහා තමන් ජනතාවගේ දෙපතුල අසළට පැමිණෙන බව පසුගිය මැතිවරණ සමයේදී සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකළ ප්‍රකාශයට ආණ්ඩුව මඩ ප්‍රහාර එල්ලකළ නමුත් සජිත් ප්‍රේමදාස මහතා ජංගම සේවය ඔස්සේ ගමින් ගමට යෑම ආරම්භ කළවිට ජනාධිපතිවරයාද ගම සමඟ පිළිසඳරක් වැඩසටහන ඔස්සේ ගමින් ගමට යමින් සිටිනවා. කාන්තාවන්ට නොමිලේ සනීපාරක්‍ෂක තුවා ලබාදෙන බව පැවසූ විට ආණ්ඩුව සමඟ එක්ව ඇතැම් නිළියන් ඇතුළු කාන්තාවන් සජිත් ප්‍රේමදාස මහතාට දැඩි මඩ ප්‍රහාර රැසක් එල්ල කළා. නමුත් පාසල් දැරියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදීමට මේ වනවිට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. යථාර්තය නිවැරදිව තේරුම් ගෙන දැන් හෝ සජිත් ප්‍රේමදාස මහතාගේ යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳ සතුටට පත්වනවා.

පැණි පානය කළ පුද්ගලයින්ටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වනවා. අවිද්‍යාවෙන් ජනතාව රවටා ආණ්ඩු පිහිටුවා ගත්තත් පැණි පිළිබඳ එලෙස මිත්‍යාවෙන් කටයුතු කළ නොහැකි බැවින් අවශ්‍ය එන්නත් ගෙන්වා ජනතාව බේරාගැනීමට කටයුතු කරන්නැයි අප ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

නව සමාගම් පිහිටුවීමට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරමින් රටේ ඉඩම් විදෙස් රටවලට විකුණා දැමීමට ආණ්ඩුව කටයුතු කරමිනි සිටිනවා. යහපාලන ආණ්ඩුව එකදු බිම් අඟලක් හෝ විදෙස් රටකට වික්කේ නෑ. වියත් මඟ සංවිධානයටත් ආණ්ඩුව බලයට පත්වීමට සහාය දුන් වෘත්තිකයින්ටත්, ජනතාවටත් කොකා පෙන්වූ වත්මන් ආණ්ඩුව දවල් මිගෙල්, රෑ දනියෙල් ගේම් ඒකක් ගසමින් සිටිනවා.

කොටස් වෙළඳ පොළ තුළ කෘතිම වර්ධනයක් ඇතිකර ජනතාව රවටා වංචා සහගත ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. එන්නත ගෙන්වා ගැනීමේදී පාරදෘෂ්‍යභාවයක් නෑ. මෙරටට ගෙන්වන්නේ කුමන එන්නතද, ගෙන්වන දින වකවානු, ශීතාගාර සහ ප්‍රවාහන ආදී පහසුකම් පිළිබඳ තොරතුරු රටට ඉදිරිපත් කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ගංඟාවන්ට මුට්ටි දමා, පැණි ලබාදුන් ආණ්ඩුව මේ වනවිට එන්නත පිළිබඳ කැරට් අලයක් ලබාදී ජනතාව රැවටීමට කටයුතු කරමින් සිටිනවා.

කැළණි ගඟෙන් නාගයෙකු මතුවීම සහ මේඩ් ඉන් චයිනා ලෙස සඳහන්ව තිබූ කරඬුවක ධාතු තිබීම ආදී සිදුවීම් වලට රැවටුනු ජනතාව, රත්‍රං නිධියකට රැවටීම පිළිබඳ කලබල නොවිය යුතුයි.

දිනකදි හෙක්ටයාර් 10 ක පමණ වනාන්තර ප්‍රමාණයක් විනාශවෙමින් මේ වනවිට මෙරට තුළ විනාශ වෙමින් පවතිනවා. ආණ්ඩුව හුස්ම ගැනීම සඳහා ජනතාවට ඇති අයිතියද අහිමි කරමින් සිටිනවා. යුක්රේන සංචාරකයින්ගෙන් රුපියල් කෝටි 45 ක ආදායමක් මෙරටට ලැබී ඇතැයි පිළිගත නොහැකියි. මෙය මෙරට සංචාරක ව්‍යාපාරයට නොව උදයංග වීරතුංග මහතාට හිමිවූ ආදායමක් බව පැවසිය හැකියි.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතාද සිය අදහස් දක්වන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට