සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආණ්ඩු බලය ඇල්ලීමට නොව කොරෝනා වසංගතය මර්දනය කර ජනතාව ඉන් මුදවාගැනීමට අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් – එක්සත් ජාතික පක්ෂය

Podu එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්තීධූරය සඳහා පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වියයුතු යැයි ඒකමතිකව තීරණය කර ඇති බවත් එම යෝජනාව රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් ප්‍රතික්‍ෂේප කර නොමැති බවත් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අවධාරණය කර සිටියි. ඊයේ (18) සිරිකොත පක්ෂා මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළකරන ලද අතර ඒ මහතා තවදුරටත් පහත පරිදි සිය අදහස් පළකර සිටියේය.

රට තුළ ක්‍රියාත්මක සිවිල් පරිපාලන යාන්ත්‍රණයෙන් නිසි ප්‍රයෝජනයක් නොගැනීම හේතුවෙන් මේ වනවිට මෙරට තුළ කොරෝනා වසංගතය ඉතා භයානක තත්ත්වයකට පත්වෙමින් තිබෙනවා. වසංගතය මර්දනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ ක්‍රියාමාර්ග පවා නිසිලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිනවා.

ආණ්ඩු බලය ඇල්ලීමට නොව කොරෝනා වසංගතය මර්දනය කර පීඩාවට පත්ව සිටින ජනතාව ඉන් මුදවාගැනීම වෙනුවෙන් අවශ්‍ය යෝජනා සහ සහාය ලබාදීමට සූදානම් යැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පවසා තිබෙනවා. මෙරට සෞඛ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කළ යුතුයි.

ඒ අනුව මෙම වසංගත මර්දන කටයුතු සඳහා, ඒ පිළිබඳ දැනුමැති විශේෂඥ මණ්ඩලයක් පත්කර ගතයුතුව තිබෙනවා. පී.සී.ආර්. පරීක්‍ෂණයන්ට මුහුණ නොදී සැඟවෙන තත්ත්වයකට මෙරට ජනතාව පත්ව තිබෙනවා. ජනතාවගේ මූලික අයිතීන් ආරක්ෂා වන ලෙස අදාළ පරීක්ෂණ සිදුකරන බැවින් ලොව වෙනත් රටවල් තුළ එවැනි තත්ත්වයක් උද්ගතවී නෑ. රෝගියා බියට පත්කර පරීක්ෂණ සිදුකිරීම තුළින් ගැටළු සහගත තත්ත්වයක් උද්ගත වනවා. මේ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ සභාපතිත්වයෙන් යුතුව අදාළ අනෙකුත් අමාත්‍යංශද එක්කර ගනිමින් ජාතික කමිටුවක් පිහිටුවා ගැනීමෙන් වසංගත තත්ත්වය නිසිලෙස පාලනය කිරීමට හැකිවේවි.

විවිධ කණ්ඩායම් පක්ෂය අතහැර යාම සහ යළි එක්වීම එක්සත් ජාතික පක්ෂය තුළ පමණක් නොව මෙරට සෑම දේශපාලන පක්ෂයක් තුළම දක්නට ලැබෙන තත්ත්වයක්. එය දේශපාලනමය තත්ත්වයක්. බලය ලබාගැනීම සඳහා එවැනි දෑ සිදුවනවා. බලය ලබාගැනීම සඳහා පක්ෂ අතහැර යාම සහ යළි පක්ෂයකට එක්වීම මෙරට ඉතිහාසය තුළ නිරන්තරයෙන් දක්නට ලැබූ තත්ත්වයක්.

එක්සත් ජාතික පක්ෂය අතහැර යන කණ්ඩායම්වලට දීර්ඝ කාලීන දේශපාලනයක් නොමැති බව අවධාරණය කරනවා. අප නිවැරදි කණ්ඩායම තුළ සිට කටයුතු කරනවා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට