සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කළමණකාරීත්වය ඉන්දියාවේ සමාගමකට පැවරීම ආණ්ඩුවේ පට්ට ඩීල් එකක් – පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු

Podu කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කළමණකාරීත්වය ඉන්දියාවේ අදානි නම් සමාගමට ලබාදීම කොළඹ වරාය බරපතල විනාශයකට ලක්කිරීමක් බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. ඊයේ (19) කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී හරීන් ප්‍රනාන්දු මහතා පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් පළකර සිටියේය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මේ වනවිට රට තුළ විශාල කතාබහක් මතුව තිබෙනවා. ගැටළුව ඇත්තේ ඉන්දියාවට ලබාදීම පිළිබඳ නොවෙයි. අදාළ සමාගම පිළිබඳවයි.

ලොව ප්‍රධානතම වරායක් ලෙස හැඳින්විය හැකි කොළඹ වරාය තුළ පර්යන්ත තුනක් පවතිනවා. ඉන් නැගෙනහිර පර්යන්තයට පැමිණෙන විශාල නැව් මඟින් ප්‍රවාහනය කරනු ලබන භාණ්ඩ කුඩා නැව් වලට පටවා අවට රටවලට ප්‍රවාහනය කිරීම සිදුවනවා.

ලොව රටවලට අයත් වරායන් පාලනය කරන සමාගම් පවතින අතර එම ආණ්ඩු විසින් වරායේ පාලන කටයුතු සිදුනොකරන්නේ යැයි වරාය අධිකාරියේ වත්මන් සභාපති දයා රත්නායක මහතා විසින් පැවසූ අතර එම ප්‍රකාශය තමන් පිළිගන්නවා. නමුත් පැවති යහපාලන ආණ්ඩු සමයේදී අප විසින් මෙවැන්නක් පවසා සිටියේ නම් දැඩි චෝදනා එල්ල කරාවි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයෙන් 49% ක ප්‍රමාණයක් ලබාදීමට නියමිතව ඇති ඉන්දියාවේ අදානි නම් සමාගම මුම්බායි නගරයට ඉහළින් මුන්ද්‍ර නමින් නව වරායක් ඉදිකර තිබෙනවා. කොළඹ වරායට පැමිණෙන විශාලතම නැව්, එම්.එස්.සී. නම් නැව් සමාගමට අයත්වන අතර ඉහත අදානි සමාගම සහ මෙම එම්.එස්.සී. සමාගම අතර සම්බන්ධතාවයක් පවතිනවා.

මෙරටට පැමිණෙන නැව් වලින් 70% කට වැඩි ප්‍රමාණයක් එම්.එස්.සී. සමාගමේ නැව්. ඉන් කොළඹ වරායේ ඇති රජයට අයත් ජේ.සී.ටී. පර්යන්තයට පැමිණෙන නැව් වලින් 55% කුත් අයත්වන්නේ එම්.එස්.සී. සමාගමටයි. එම්.එස්.සී. සමාගම, මුන්ද්‍ර වරාය සහ අදානි සමාගම අතර සම්බන්ධතාවයක් ඇත්නම් අනාගතයේදී මෙරට වරායේ කටයුතු අඩපණ වීමේ අවදානමක් මතුවනවා. මෙය ගැටළු සහගත තත්ත්වයක්. මෙම ගිවිසුම හරහා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කළමණාකරන අයිතිය හිමිවන්නේ අදානි සමාගමටයි. නැගෙනහිර පර්යන්තයේ ප්‍රධාන විධායක නිලධාරියා සහ ප්‍රධාන ගිණුම් නිලධාරියා යන දෙදෙනාම පත්කරන්නේ අදානි සමාගම විසින්.

කොළඹ වරායේ එක් පර්යන්තයක් චීනයටත් නැගෙනහිර පර්යන්තය ඉන්දියාවටත් අනෙක් පර්යන්තය මෙරට පුද්ගලික අංශයටත් අයත්. ඒ අනුව මෙම ගිවිසුම හරහා ඉදිරියේදී විශාල අර්බුදයක් ඇතිවීම වැළැක්විය නොහැකියි. කොළඹ වරාය ඉතා අගනා ස්ථානයක ස්ථානගතව තිබෙන්නේ. ඊට තිබෙන විශාලතම අභියෝගය ඉන්දියාවේ මුන්ද්‍ර වරායයි.

මේ පිළිබඳ ආණ්ඩුවට නිසි දැනුමක් ඇද්දැයි අප දන්නේ නෑ. වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගෙන් මේ පිළිබඳ විමසුවහොත් ඔහු ටයරයක් ගැන පමණක් අදහස් පළකරාවි. එතුමා නමට පමණයි වරාය අමාත්‍යවරයා වන්නේ. වරාය පිළිබඳ තීරණ ගන්නේ වෙනත් පිරිසක්. පරිපාලන අයිතිය ඉන්දියාවට හිමිවූ පසු කොළඹ වරාය නිසිලෙස පවත්වාගෙන යන්නේ කෙසේදැයි විමසීමට සිදුවනවා. මෙම ගිවිසුම අනිවාර්යයෙන්ම පට්ට ඩීල් එකක්.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට