මාස 10 කට පසු සංචාරකයින්ට මෙරටට පැමිණිමේ වරම්…
covid-19 වෛරසය හේතුවෙන් මාස 10කට ආසන්න කාලයක් වසා දැමීමට කටයුතු කරන ලද කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ අද (21) දින සිට යළි සංචාරකයින් සඳහා විවෘත කෙරුණි. ඒ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබා දුන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව බවත් ඊට අමතරව මෙරට පැමිණෙන සංචාරකයින් අනුගමනය කළ යුතු සෞඛ්‍ය ක්‍රමවේද ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක්ද සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ වන විට නිකුත් කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ අනුමත සහ එහි ලියාපදිංචි වී ඇති හෝටල් 53 න් එකක් තෝරා ගත යුතු වන අතර දිවයිනට පැමිණෙන සංචාරකයින් ඇමෙරිකානු ඩොලර් 40 ක මුදලක් තැන්පත් කර මෙරටදී පී.සී.ආර්.පරීක්ෂණයක් සිදු කිරීම සදහා රිසිට් පතක් ද ලබා ගත යුතු වන බවත් එහිදී යම් සංචාරකයෙකු ශ්‍රී ලංකාව තුළ දින 01 ත් 06ත් අතර කාලයක් රැදී සිටින්නේ නම් එක් පී.සී.ආර්.පරීක්ෂණයක් සිදු කළ යුතු වන ලෙසට සදහන් කර ඇත.